(මනෝප‍්‍රිය ගුණසේක
ගවයින් ප‍්‍රවාහනය කිරීමට බලපත‍්‍රයක් ලබාදීම සඳහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයේ හිටපු සත්ත්ව සංවර්ධන උපදේශකවරයාට වසර 03 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 5,000/-ක දඩයකටද විනිසුරුවරයා විසින් ඔහු යටත් කරන ලදී.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සත්ව සංවර්ධන උපදේශකවරයා ලෙස රාජකාරි කළ චමින්ද බණ්ඩාර නමැත්තාටය.
2014 වසරේදී කාලයේ මස්කෙළියේ දී ගවයින් ප‍්‍රවාහනය කිරීමට බලපත‍්‍රයක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්