(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් කොමිසමට අනිද්දා (12) තමා යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර ඇති ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්සේන මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමකදීය.
"අපි අල්ලස් කොමිසමට විතරක් නොවෙයි තවත් තැන්වලට ඉදිරියේදී කැඳවාවි" යැයිද ඔහු සඳහන් කළේය.
එයාර් බස් ගනුදෙනුවේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනිද්දා පෙනී සිටින ලෙස අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. එම දැනුම්දීමේ ලිපිය ලැබී ඇතැයි හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපකාරයෝ ඕනෑ නම් කියන්න... ගාණ 15,000යි. ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්....
නොගිහින් බෑනේ, රටටම ආසියාවේ ආස්චර්ය පෙන්වපු හැටි කියන්න බැරියෑ?
රට බේරා ගත්තේ මාසෙට 65,000 පඩියකට. කාටත් ඒවා අමතකයි.
දැන් ඉතින් හිතනවා ඇති මම ගොඩම ගොඩ තමයි කියලා.. ඔහොම යං.
සිසිර, අත යටින් 650,000,000
දැන් අවුලක් නෑ.. සාක්කි කාරයා නෑනේ..
දැන් ඉතින් යන්න පුළුවන්නේ.
දැන් ඉතින් යන්න. රට බේරගත්තු එකා...
පොහොට්ටුවේ උදවිය, වහල්ලු මොනවා කිව්වත් ලෝකෙම දන්නවා තමුන්ගේ කෙරුවාවල් ගැන... නීතී ගරුක ශිෂ්ඨ සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා...