IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අල්ලන කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මත්කුඩු අල්ලන නමුත් ඒ කුඩු වලට කරන්නේ  කුමක්දැයි නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසු ගිය වසර හතරේ අල්ලන ලද කූඩු වලට කළේ කුමක්දැයි ඇසූ හිටපු ජනාධිපතිවරයා එම කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසූයේ මත්කුඩු පුළුස්සන  යන්ත්‍රයක් වනාතවිල්ලුවේ ස්ථාපිත කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සාම්පල ලබාගෙන එදිනෙදා අල්ලන කුඩු එදිනෙදාම පුළුස්සා දැමීමට දැන් හැකියාව ඇති බවයි.ඒ වැඩ පිළිවෙළ පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා කීය.



අදහස් (8)

අල්ලන කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි?

චන්දිම ෆොන්සේකා Wednesday, 08 November 2023 11:49 AM

වතමන් ශ්‍රී ලංකාව කියන රටේ සිද්ධ වෙන මහා අමුතු අත්භූත වැඩ ගැන හිතන කොට නම් අත්අඩංගුවට ගන්න කුඩුත් නැවත කුඩු ජාවාරම් චක්රයටම ආපහු වැටෙනවද කියලා සාධාරණ සැකයක් ඇතිවෙන්නේ නැද්ද? දැන් සමහර ආයතන වල හොරකම් දුෂණ සුලබව සිදුවන බව රටේම මිනිස්සු දැන ගත්තත් මිනිස්සු ඒ ආයතන වටලලා කෑ ගැහුවත් ඒවා හොයන්න තියෙන අයතන වල බලධාරී මිනිස්සු කියන්නේ අනේ අපි නම් තාම එහෙම එකක් ගැන අහලාවත් නැහැ , දන්නෙත් නැහැ, අපිට කවුරුවත් පැමිණිලි කලෙත් නැහැ, පැමිණිල්ලක් කලොත් අපිට හොයල බලන්න පුළුවන් නැතුව නිකම් අපිට ඕවා හොයන්න බැහැ, වගේ එලොවටත් මෙලොවටත් නැති කතා. මොකද ඔය ලොරි ගණන් අල්ලන කුඩු පුච්චනවනම් ඕක කාටත් සැක ඇති නොවන විදියට ඕනි මාධ්‍යකට බලා ගන්න පුළුවන් විදියට කරන්න පුළුවන් නේද?

:       0       18

ගමේ එකාලා Wednesday, 08 November 2023 11:50 AM

කුඩු කියන්නේ සල්ලි නේ? හොර පාරෙන් යනවා ඇති.

:       0       12

රංබොඉ Wednesday, 08 November 2023 12:18 PM

කිව්වත් වගේ අල්ලන තොගේ හැටියට රොටී කන්න පුලුවන් ඒවාගෙන්...

:       0       11

Perera Wednesday, 08 November 2023 02:20 PM

අල්ලන කුඩුවලට වෙන්නේ මොනවද කියලා බලන්න තිබුණේ තමුන් ජනාධිපති වෙලා ඉන්නකොටනේ...!

:       1       18

චමින්ද Wednesday, 08 November 2023 02:47 PM

පෙරේරා උන්නැහේ හිටපු ජනාධිපති හිටපු කාලයේ ප්‍රසිද්ධියේ කුඩු විනාශ කිරීමට කටයුතු කළා... රූපවාහිනී මගින් පෙන්නුවා අන්තිමේ කුඩුකාරයෝ එල්ලන්න අනුමත කරන්න කටයුතු කරනවා කිව්වා. නමුත් දැන් ගෙනෙන කුඩුවලට වෙන්නේ මොනවද කියන්න දන්නේ නැහැ..? මොකද පුවත් මගින් දැනගන්නත් නැහැ...!

:       2       7

PereraWednesday, 08 November 2023 03:26 PM

චමින්ද උන්නැහේ, ඔහේලගේ ඔයා ජනපති කුඩුකාරයින්ව එල්ලන්න නියම කරන ගමන් මිනීමරුවන්ව නිදහස් කරපු බව අමතකද?

:       5       6

sam Wednesday, 08 November 2023 04:23 PM

අල්ලන කුඩු පුච්චන්නේ නැහැයි කියන එක බොරුවක්. ඒවා හොර පාරෙන් විකුණුවාම, කුඩු කාරයෝ ඒවා ඊයම් කොලයක් උඩ තියලා පුච්චනවා...

:       0       11

chandima Wednesday, 08 November 2023 11:00 PM

ඉන්දියාවට අපනයනය කරන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site