(දයාරත්න ඇඹෝගම)
පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද(07)දින මිය ගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කහටගස්දිගිලිය,රන්පත්විල ප්‍රදේශයේ පදංචිව සිටි ආර්.ඩබ.එම්.ජී.අබේරත්න(52)නැමති විශ්‍රාමික හමුදා භටයෙකි.
මෙම පුද්ගලයා පුංචිහල්මිල්ලෑව කුඹුරැ යායට පැමිණි වන අලියන් පලවා හැරිමට ගොස් සිටියදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගිය බව කහටගසදිගිලිය පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස්.අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන අලින්ට රට බාරදීලා අපට යන්න වෙන දවස ආසන්න බව පෙනේ. අලි බෝකිරීමෙන් අපට වෙන යහපත කුමක්ද? අඩුවන වන ගහණයට අනුකූලව වහාම වන අලි ගහණය සීමා කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි.