
(දයාරත්න ඇඹෝගම)
සිය නිවසේ සිට යතුරු පැදියෙන් රාජකාරියට යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මිහින්තලේ, ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැව ආසන්නයේදි මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි වන අලියෙකුගේ ගැටි බරපතල තුවාල ලැබිමෙන් පසු අද (12) රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ අනුරාධපුර,උඩමළුව පොලිසියට අනුයුක්තව සේවය කරන එස්.කරුණාරත්න(54)නැමති සැරයන් වරයෙකි.
මෙම පොලිස් සැරයන්වරයා සිප්පුකුලම, පනාවැව පිහිටි සිය නිවසේ සිට අද (12) පෙරවරැවේදි සිය සේවා ස්ථානයට යමින් සිටියදි මහකනදරාව වැව ආසන්නයේදි මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි වන අලියෙකුගේ ගැටි බරපතල තුවාල ලබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd