(දයාරත්න ඇඹෝගම)
බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරැගස්කඩ,රත්මල්ගහවැව පදිංචි 54 හැවිරිදි ගොවියෙකි.
මෙම පුද්ගලයා විසින් කහටගස්දිගිලිය,නෙලුගොල්ලාකඩ,කුරැක්කුරාගම ප්රදේශයේ පිහිටි බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහනක් යෙදිම නිසා එම විදුලි රැහැනේ පැටලිමෙන් අවුරැදු 35 ක් පමණ වයසැති අඩි 08 ක් පමණ උසින් යුක්ත වන අලියෙකු මිට දින කිහිපයකට පෙර මියගොස් සිටි බව කහටගස්දිගිලිය අඩවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් ඔය මනුස්සයාගේ හේනයි දරු පව්ලයි බලා ගන්නේ වන ජීවී එකෙන්ද?
ඔය නිලදාරීන් ටික බඩ ඉරිගු හේන් වටේ ආරක්ශාවට දාන්න කියලා ගොවියන්ට වන ජීවී එකට විරුද්දව නඩු දාන්න තියෙන්නේ ...
ලංකාවේ ඉන්නේ හරි අරුම පුදුම මිනිස්සු. දවසේ තුන් වේලට කන්න දෙන ගොවියට වල කපනවා. තියෙන සියල්ල විනාස කරන අලියට වඳිනවා. ගේ ඇතුලෙත් එහෙමනේ. උදේ ඉඳන් නැහිලා වැඩ කරලා කන්න දෙන ස්වාමියාට බලු බැනුම්. අනිත් පැත්තට මැරීගෙන දවසම ගෙදර වැඩ කරන බිරිඳට අතින් පයින් පහර දෙනවා. ජීවිතේට මෙලෝ මිනිහෙක් දැකල නැති පින්තුර ගොඩක් පිළිම ගොඩක් තියාගෙන ඒවාට වඳිනවා.