(සුජිත් හේවාජුලිගේ )

විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මින් බලපත්‍ර අනූවක් නිකුත් කරනු ලැබ ඇත්තේ සුපිරි වෙළෙඳසල්( supermarket) සඳහාය.

අනෙක් බලපත්‍ර හැට අවන්හල් (restaurant) සඳහා නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

අවන්හල් සඳහා මෙලෙස නිකුත් කර ඇත්තේ බියර් සහ වයින් අලෙවිය සඳහාවූ බලපත්‍රය.

මේ අතර බලපත්‍ර සහිත මත්පැන් මෙන්ම නීති විරෝධී මත්පැන් මිලද අධික ලෙස ඉහළ යෑම නිසා ජනතාව අයිස්, මත්පෙති වැනි මත්ද්‍රව්‍යවලට යොමුවීම වැඩිවීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇතැයි ගුණසිරි මහතා කීවේය.