IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලුතින් ’’බාර් ලයිෂන්’’ 150ක්

(සුජිත් හේවාජුලිගේ )

විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මින් බලපත්‍ර අනූවක් නිකුත් කරනු ලැබ ඇත්තේ සුපිරි වෙළෙඳසල්( supermarket) සඳහාය.

අනෙක් බලපත්‍ර හැට අවන්හල් (restaurant) සඳහා නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

අවන්හල් සඳහා මෙලෙස නිකුත් කර ඇත්තේ බියර් සහ වයින් අලෙවිය සඳහාවූ බලපත්‍රය.

මේ අතර බලපත්‍ර සහිත මත්පැන් මෙන්ම නීති විරෝධී මත්පැන් මිලද අධික ලෙස ඉහළ යෑම නිසා ජනතාව අයිස්, මත්පෙති වැනි මත්ද්‍රව්‍යවලට යොමුවීම වැඩිවීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇතැයි ගුණසිරි මහතා කීවේය.

 



අදහස් (5)

අලුතින් ’’බාර් ලයිෂන්’’ 150ක්

banda Saturday, 12 November 2022 02:23 PM

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛා පදං සමාදියාමි... 2500ක ඉතිහාසයක් ඇති රටලු... බුදුන් 3 වරක් වැඩියලු.... අනුන්ගේ බුර්කා දකින අයට මේවා පේන්නේ නැත්තේ ඇයි..?

:       9       2

ganegoda Saturday, 12 November 2022 03:25 PM

අපේ රටේ මුඩුක්කුවක් වෙලා තියෙනවා මදිද?

:       3       2

saththyaa Saturday, 12 November 2022 06:33 PM

ගෙදර ගැහැණියට දරුවන්ට කන්න බොන්න අඳින්න නැතිවත් මිනිස්සු බේබදුකමට ඇබ්බැහිවෙලා විනාශ වෙයි.

:       5       2

BamunuarachchiMonday, 14 November 2022 05:54 PM

අලුත් බාර් 150 ඇරියාම මිනිස්සු අලුතින් බොන්න පුරුදු වෙනවද? ගාන වැඩිනිසා බාර්වලින් බීම අඩුවෙලා... ඒත් කසිප්පු බීම වැඩිවෙලා...

:       0       0

Rohana Saturday, 12 November 2022 09:05 PM

මුළු රටටම විශාල අඩුපාඩුවක් වී තිබුන මත්පැන්හල් ප්‍රමාණවත් නොවීම නිසා අළුතින් බලපත්‍ර දෙන්න ඇති. සුරාවෙන් රටක් ගොඩනැගිය නොහැක.ඒ මදිවට ගහමරා ගැනීම් පවුල් ආරවුල් මිනීමැරුම් ලෙඩ රෝග තවතවත් වැඩිකරගැනීමට මේවා හේතුවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site