(ඩි.ජී.සුගතපාල)
දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා ලද අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම නිසා ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා ගුරුවරුන්ගේ වැටුපෙන් කපාගනු ලබන ණය වාරික, රක්ෂණ වාරික,අධ්‍යාපන සේවක සමුපකාර ණය දෙන සමිතියට කපා ගන්නා ණය වාරික ඇතුලු මුදල්වලින් ඔවුනගේ වැටුප් ගෙවීමට සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නිලධාරියා පැවසුවේ අධ්‍යාපන සේවක සමුපකාර ණයදෙන සමිතියට පමණක් ගුරුවරුන්ගේ පසුගිය මාසයේ වැටුපෙන් කපා ගන්නා ලද රුපියල් මිලියන එකසිය තිහකට අධික මුදලක් මේ වනතුරු එම සමිතියට ගෙවීමට නොහැකිවී තිබෙන බවය.
දකුණු පළාතේ පළාත් සභා පාසල් 1113ක් තිබෙන අතර පසුගිය අප්‍රේල් මාසයේ මෙම පාසල්වලට අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින් 2543ක් සහ ගුරුවරුන් 934ක් බඳවා ගෙන ඇති අතර වැඩිම අනධ්‍යන සේවකයින් බඳවා ගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් බව අනාවරණයවී තිබේ.
පාසල් කම්කරු,පාසල් මුරකරු,රසායනාගාර සේවක,පුස්තකාල සේවක,සනීපාරක්ෂක කම්කරු ආදි තනතුරු සඳහා අනධ්‍යන කාර්ය මණ්ඩලවලට සේවකයින් බඳවා ගෙන ඇති අතර සමහර පාසල්වලට අනධ්‍යන කාර්ය මණ්ඩලයේ හත් අට දෙනා බැගින් පත්කර ඇති බවද අනාවරණයවී ඇත.
මෙම පිරිසට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් මිලියන එකසිය දාහතකට අධික අමතර මුදලක් දැරීමට සිදුව ඇති බවද දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා.. තමයි අපේ රටේ කාලකන්නි දේශපාලකයෝ දෙන රැකියා.. අලුතින් රැකියා උත්පාදනය කරන්න තරම් දැනුමක් මොලයක් නැහැ. ඔය කරන්නේ උන්ට කරන්න පුලුවන් ලේසිම දේ. උන්ගේ හෙංචයියන්ටයි, පගාවටයි නැති පුරප්පාඩු වලට රැකියා බෙදනවා. මිනිස්සුත් හුරේ තියලා එවා ගන්නවා.. ඊට පස්සේ වැටුප් ගෙවන්නා බදු ගහලා අහිංසක මිනිස්සු නොමරා මරනවා.. නැතිනම් නූපන් එකත් ණය කාරයෙක් කරලා පිටරටින් ගිනි පොලියට ණය අරන් වැටුප් ගෙවනවා.. අනේ මෙහෙම රටක්..
මහා භාණ්ඩාගාරයේ කොහෙද සල්ලි...? මොකෝ රටේ නිෂ්පාදනයක් කරනවයැ. රට බල්ලට දාලා කොහෙන් හරි ණයක් එනකම් ඉන්න වෙයි. මැතිවරණ රැවටිලිනේ මේ...
රට පුරා සමෘද්ධියත් බෙදනවා. මනාපෙ ගන් මතක් වෙලා...
බැලූ බැල්මට පෙනෙන්නේ පිරිස් ප්‍රතිපාදන නිර්මාණය කළත් ඒ සඳහා මුදල් අනුමත වීමට පෙර පළාත් සභාවෙන් සේවකයින් බඳවාගෙන ඇති බවයි. මෙතන මේ සේවකයින් බඳවා ගැනීමට එරෙහිව ප්‍රතිචාර දාන උදවියම, මේ පාසැල්වල ගුරුවරු හිඟයි, සේවකයින් හිඟයි කියලා පුවතක් පළ වුනානම් බලන්න තිබ්බා විරැකියාවයි අරකයි මේකයි කියලා රඟන රැඟිල්ල.
ඡන්දෙ ගන්න තමන්ගේ පාක්ෂිකයන්ට රැකියා දෙනවා. සුදුස්සෝ කොහෙවත්. රට හදන්න අපු මේ ආණ්ඩුව රට නැත්තටම නැති කලා. මේ දේශපාලකයෝ ගෙදර යන්නේ රටක් නැති කරලා. තවත් රටේ මෝඩ ඡන්ද දායකයෝ පිල් බෙදිලා ඡන්දෙ දෙනවා.
පලාත්සභා පාසල් වල අනධ්‍යයන සේවකයන් හා ජාතික පාසල් වල අනධ්‍යයන සේවකයන්ට ලැබේන වරප්‍රසාද වෙනස් වේන්නේ ඇයි ? වැඩකරන වේලාව පැය 8 ට වැඩි ඇයි ? උසස් විම් අහිමි ද ? තනතුරු නාමයක් නැති ද? පාසලක සනීපාරක්ෂක කම්කරු වැඩ සිට විදුහල්පති දක්වා සියලු වැඩ පාසල් කාර්ය සහායක තනතුර අයට දෙනඑක සාධාරණ ද? අධ්‍යාපන සුදුසුකම් ඇති අයටත්(පුස්තකාල ඩිප්ලෝමා /දර්මාචාර්ය සමත්/උසස්පෙළ සමත් ) අනාගතක් නැද්ද?