(රංජන් කස්තුරි)
උපාධිධාරි ගුරුවරුන් 5500ක් ළඟදීම බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මීට අමතරව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට (16) පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේ.
විද්‍යාව, ගණිතය, තාක්ෂණය,භූගෝල, භාෂා සහ වානිජ යන විෂයන් සඳහා භාෂා මාධ්‍ය තුනෙන්ම එම ගුරුවරු බඳවා ගන්න බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඳවා ගන්නවා කියල ගත්තට වැඩක් නැහැ. වත්මන් නවක ගුරුවරුන්ගේ ආකල්ප අන්තිමයි. සල්ලි මත්තෙම නැහෙනව. ආකල්ප පරීක්ෂාවක් තියල බඳවා ගන්න. කල් ගියත් වැඩේ වටිනව. අධ්‍යාපන පද්ධතිය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන අය ක්ෂෙත්‍රයට අවශ්‍යයි. විවෘත තරඟ විභාගයෙන් බඳවා ගත් අධ්‍යාපන පරිපාලන සේවයේ අයත් එහෙමයි. 90%ම ෆෙල්. ඒ වගේ අය විදුහල්පතිල විදියට ස්කෝල විනාශ කරනව. රොයල්, විශාඛා, රිච්මන්ඩ්, මහින්ද වගේ පාසල් හොඳ උදාහරණ. ඒ පාසල්වල ගුරුවරුත් ඒ විදියට තමා දැන් වැඩ. 7.30-1.30 ගුරුවරු වෙලා.
හොඳ අදහසක්. උපාධිදාරි අයව ගුරු සේවයට බඳවා ගත යුතුය.
හොඳ තීරණයක්... ගුරුවරු කියන්නෙත් මේ සමාජයේම කොටසක්... හොඳ, නරක දෙකම අඩුවැඩියෙන්තියෙනවා අපේ වගේ... පන්සලේත් එම විදිහම තමයි. ඉදිරියේදී බලමු ග්‍රහලෝකවලින්වත් 100%ක් හොඳ ගුරුවරුන් ගෙන්වන්න. ලංකාවේ නම් කොහොමත්ම නැහැ.
ඇමැතියා ඔවුන්ට කුණුහරප උගන්වයි.
සාමාන්‍යයෙන් ඉංජිනේරු උපාධිධාරීන් ගණිත ගුරුවරුන් ලෙස පැමිණෙන්නේ නැත. පාසල්වල ගණිතය අකුරටම ඉගැන්විය හැකි ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් ඕනෑ තරම් සිටිති. ඇයි ආණ්ඩුව ඒ අයට අවස්ථාව දෙන්නේ නැත්තේ. කලා ආදී අනෙකුත් උපාධිධාරීන්ට ගණිතය හා විද්‍යාව ඉගැන්විය නොහැක.