(ඉන්දිකා රාමනායක සහ මනොප්‍රිය ගුණසේකර)
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පටුපස කොටසේ නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ථානයට ඊයේ (5) රාත්‍රියේ කිසිවකු විසින් ඇතුලු වී භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
අධිකරණයට භූමියේ පිටුපස තාප්පයෙන් ඉහත පුද්ගලයා ඇතුලු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ටාර්වරයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ඇතුලු වු පුද්ගලයා කුමන භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.
පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් (සොකෝ) සිද්ධිය වු ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
මෙම ස්ථානයේ වාහන අමතර කොටස්, අබිලි වාහන, පාපැදි, යකඩබඩු, ගෑස් ලිප්, ආදී නඩු භාණ්ඩ ගබඩා කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධියේ කිසිදු සැකකරුවක් මෙතෙක් හදුනාගෙන නොමැත කෙසෙල්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ සොරාගෙන