
(අංජුල මහික වීරරත්න දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)
ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 56 වන වරට සංවිධානය කර තිබුණි.
රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.
අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි විසින් අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් අහිංසක මනුස්සයින්ගෙන් බඩවඩා ගන්න තමයි හදන්නේ...!
කට්ටියට හරි මහන්සි ඇති නේද. වී වේලාල කුබුරු කොටලා. මේතන ඉන්න ඕන ගොවියො මිසක් ගොබ්බ රැල නෙමේ. අවුරුදු කියක් ඉන්දලද මේ දේ කරන්නෙ. ඒත් රටත් වැසියත් කන්න නැතිව හිග්මනෙ. මොකද අසරන ගොවියා ට මුන් සලකන්නෙ නැහැ. මේ ගොවියෝ මේ දෙවල් කරන්නෙ මුදල් නයට අරන්. ගමේ වැසියාගෙන්. ඉටපසු නය ගෙවා ගන්න බැරිව. වහබීලා. මැරෙනවා. ඒ වුනට ගොබ්බයෝ ටික පිටරටින් එන ණය මුදල් හොරා කාලා. චීනාගෙන් ගිනි පොලියට ණයට ගන්නවා. ඒ ණය ගෙවාගන්න බැරි වුනාම රටේ දේපල විකුනලා. ඒ කෙනුත් කොමිස් ගහනවා. එකෙක් වහ බිලා මැරුනද රටට වුන බන්කොලොත් බාවයට. නැහැ ගොබ්බයෝ තවත් පොරකනවා පුටුව රැක ගන්න. සුදු ඇන්දේ පිවිතුරු බව පෙන්නනනද. ඔය එලියෙන් පේන සුද පපුව ඇතුලේ තියා ගනින්. මයිනාවගෙ පොලොව ඉම්බා නම් තමයි ඕක අන්ග සම්පුර්න
මෙම ඡායාරූප ලංකාවේ දේශපාලුවන්ගේ විහිළුවලට හොඳ නිදසුන්ය...
ගොවියට පොහොර ටිකත් නැතිකරපු දූෂිත දේසපාලුවෝ ?
සහල් කිලෝ එක රුපියල් 200 නග්ගලා වී කිලෝ එක අසුවට බස්සලා ලංකාවේ වී ගොවිතැන විනාශ කෙරුව, බස්නාහිර පලාතේ කුඹුරු ගෙඩකර විදේශිකයන්ට විකුණන්න ඕන කිව්ව පරයෙක් එක්ක මොන අලුත් සහල් මංගල්ලද ?
මුගේ නාකි සමනල මංගල්‍ය .තුක් නෙදකින්