(අංජුල මහික වීරරත්න)
විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අඛණ්ඩ ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් විජේසේකර මහතා සඳහන් කළේය.
මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා බොහොම අමාරු සේවයක් කරලනේ ඔය නැව් ගෙන්න ගත්තේ. දැන් නිශ්ශබ්දව හිටියොත් නේද හොඳ? කොහොමත් පෞද්ගලික අංශය ඔබතුමාගේ තනතුරට අදාල නැහැනේ.
කෝ බන් අර ජූලි මාසේ ඉදලා අඩුවට දෙනවා කියපු පෙට්‍රල් . පිටරට සමාගම් තුනක් එනවාය තෙල් අඩුවට දෙනවාය කියා පට්ට බේගල්ද අත ඇරියේ ?
අපිට දැන් තියන මිලට වඩා අඩුවෙන් ගන්ඩ ඵුලුවන්ඩ ,මිල අඩු නැත්තම් වැඩක් නැහැ 100 ආවත්
මුට තියන සන්තෝෂය හෙන ලොකු වැඩක් කරලා වගේ