
(සුජිත් හේවාජුලිගේ)
නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන (26) වැනිදායින් අවසන්වීමට නියමිතය.
පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.
මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනාවී ඇති අතර පොලිස්පති ධූරයට පත් කෙරෙන නිලධාරියා කවුදැයි තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කර
තීරණයක් ගන්නා බවයි.
පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කරන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු වෙයි.
වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ශ්‍රීලංකාවේ 35 වැනිපොලිස්පතිවරයාය. ඔහු එම ධුරයට පත් කෙරුණේ 2020 නොවැම්බර් මස 27 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පොලීසියේ අතලොස්සක් නිලධාරීන් හැරෙන්නට බොහෝ දෙනාගේ විනය පිරිහිලා.පොලිස් සැරයන් විමල් ජයසේකර නැමැති දක්ෂ එමෙන්ම උගත් චතුරව ඉංග්‍රීසි භාෂාව කථාකරන අවංක පොලිස් නිලධාරියෙකු තමන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර ඉහළ නිලධාරීන්ගෙන් සිදුවූ බලවත් අසාධාරණයක් ගැන යූටියුබ් එකේ වීඩියෝවක් ප්‍රචාරය කොට තිබෙනවා.නව පොලිස්පතිවරයා හෝ ඔහුට සාධාරණයක් ඉෂ්ට කරන්න.
අලුතින් පත් කරන කෙනා මත තමයි ජනාධිපති මැමැතිවරණයේදී අපේ කතිරය තීරනය කරනු ලබන්නේ.
ලෝක පූජිත නම් එපා
අජිත් රෝහණ මේ තනතුරට සුදුසුම නිලධාරිය.
ඔතන අන්තිමට නම කියවෙන කෙනාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ තවත් පස්හය දෙනෙකුම ඉන්නවා. කවුද එතකොට මේ නම් යෝජනා කළේ? ජනාධිපතිතුමා සමහරවිට ඔතැන නම කියවෙලා නැති කෙනෙකුව පත්කරයිද දන්නෙත් නැහැ...
දක්ෂ, අවංක සහ ඉහල කැපකිරීම් සහිත අය ඔය අතරේ ඉන්නවද ? සාපේක්ෂව වැරදි අඩු අයෙක්ද තෝරන්නට සිද්ද වෙන්නේ ?