
(රංජන් කස්තුරි)
මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද (21) සිට පියවර ගත්තේය.
නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය.
තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය.
නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන්ය.
තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතය.
ශ්‍රී දළදා මාලිගාව යාපනය නල්ලූර් කෝවිල කොළඹ නෙළුම් කුළුණ ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර පොළොන්නරුව ඓතිහාසික ස්ථාන රිටිපන්න ධීවර කර්මාන්තය ආරැක්කු නවයේ පාලම සීගිරිය තේ වගාව රබර් කිරි කැපීම හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූපවලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට නව විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තොග ලැබී ඇති හෙයින් ඉදිරියේදී ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය අවම විය හැකි බවය.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් සතුටුයි, හැබැයි වීසා කොලේ පිරෙන්නම රූප දාපු එකනම් හරි නැහැ. වීසා ගැහුවාම පේන්නේ නැති පාටක් තියෙන්නේ (පැමිණිම් සහ පිටවීම් සිල්). ඊළඟට එයාර්පෝර්ට් වල පෝලිම් වෙන්න වෙයිද දන්නේ නැහැ.
මම සෑහෙන කලක සිට ආණ්ඩුවට කිව්වා ලංකාවේ ලස්සන දේවල් පාස්පෝට් එකේ පිටුවට ඇතුළු කරන්න කියලා ඇති යන්තම් ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. සන්තෝසයි
මම මගේ පලමු ගුවන් බලපත්‍රය කලු පාටයි ඒ 1977 වර්ෂයේ
අලුත් ආණ්ඩුවක්! අලුත් ගමන් බලපත්‍රයක්! අපි හැමෝටම හරිම සතුටුයි!
අනික් රටවල පාස්පෝර්ට් තාක්ෂණයෙන් උසස් නිමාවෙන් ඉස්සරහට යන කොට අපේ පාස්පෝර්ට් එක චිත්‍ර පොතක් වෙලා. සමහර ආගමන, විගමන මුද්‍රා ආදිය පවා පැහැදිලි නැති වෙයි ඔය පිටුවල ඒවා තියද්දි. ඔච්චරම රූප පොතක් කරන්න අවශ්‍ය නම් ඔයිට වඩා ලා පැහැයකින් පෙනෙන නොපෙනෙන තරමට ගහන්න තිබුණා. අනික පාස්පෝර්ට් එකේ චිත්‍ර බල බලා ඉන්නේ කවුද? ලංකාවේ අයට බලලා ආතල් ගන්න හොඳයි. මොනවද මේ කරන විහිලු වැඩ? කාගෙද ඔය කොදෙව් මානසිකත්වය සහිත අදහස්?
බොහොම හොද වැඩක්
ඇයි පාට වෙනස් කලේ? ඉස්සර තීබූ පාට හරි ලස්සනයි
ඉලුක්පිටිය මහත්තයා අත්අඩංගුවට ගත්තේ ඕක නිසාද කියලා අහන්න වෙනවා?
ගොඩක් ලස්සනයි අපේ රටේ ඉතිහාසය ලියවෙලා තියෙන, දේශීය අනන්‍යත්වය එකතු කරලා තියෙන නිසා ගොඩක් හොඳ වෙයි.
Passport එක අලුත් වුණාට වැඩක් නෑ. අපේ passport එකට ලෝකෙ තියෙන තැන අලුත් වෙලා... අපේ passport එකට ලෝකෙ තියෙන පිළිගැනීම වැඩිවෙන්න ඕනෑ. අන්න එතකොට passport එක කොල කෑල්ලක් වුණත් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් වේවි. මේ අලුත් වෙනසත් එක්ක ඒකත් එහෙම වේවි කියලා අපි බලන් ඉඳිමු...!