(නිමල කොඩිතුවක්කු)
වර්තමාන ආණ්ඩුව විසින් අලුත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ කිරීමේ ප්‍රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට නීති රාමුවක් අවශ්‍ය බව තමන් පිළිගන්නා නමුත්, ඒ නීති රාමුව සකස් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය අනු ක්ෂේත්‍ර දෙකටම ගැළපෙන පරිදි බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
මෙවැනි පනත් කඩිමුඩියේ ගෙන එනවාට වඩා කළ යුත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව එක්ව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පැවැත්වීම බවත් ප්‍රේමදාස මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් පනතෙන් සිංහල වෙදකමටත් හානි
ලංකාපුත්‍ර Tuesday, 04 July 2023 06:40 AM
බටහිර වෙදකම කරන දොස්තරලත් ආයුර්වේද වයිද්‍යවරුත් දෙගොල්ලම ඉපැරැණි සිංහල වෙදකමට කෙසේවත් කැමති නැහැ මම ඒක කියන්නෙ දවසක් සිංහල වෙදකම මගින් රෝගීන් සුවකරන සායනයක් ගැන මම දන්න ආයුර්වේද වයිද්‍ය වරයෙකුට කිව්වා ඔහු මට කියනවා අපි මොකටද ඕකට යන්නෙ අපි ආයුර්වේද කට්ටිය කියලා ඇත්තටම ඉතාමත් දක්ෂ සිංහල වෙදමහත්වරු නෝනලා රටේ ඉන්නවා රජය කරනවානම් කරන්න ඕන පාරම්පරික වෙදකම ප්‍රවර්ධනය කිරීම මිස ඒක විනාශ කිරීම නොවෙයි
SUNIL MILANO Tuesday, 04 July 2023 11:52 AM
කොතරම් කිවුවත් වැඩක් නැහැ .බීරි අලින්ට වීනා ගායනා කරනවා වගේ .තේරුම් ගන්න තරම් මොලේ කලඳක් වත් නැහැනේ ඉපදුනාට ඔහේ ජීවත් වෙනවා
Bamunuarachchi Tuesday, 04 July 2023 06:35 PM
මේ හාදයා හැම වතුර පොල්කට්ටෙම කිඹුලෙක් දකිනවා.