
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්විණි.
ඉන්දුනීසියා තානාපතිනි එස්. එස්. ප්‍රේමවර්ධන , බ්‍රසීල තානාපතිනි සී. ඒ. සී. අයි. කොලොන්නේ, මාලදිවයින මහ කොමසාරිස් එම්. ආර්. හසන්, තුර්කි තානාපති එල්. ආර්. එම්. එන්. පී. ජී. පී. බී. කදුරුගමුව, නේපාල තානාපතිනි රුවන්ති දෙල්පිටිය, කොරියානු තානාපති එම්. කේ. පත්මනාදන්, සහ ඕමාන සුල්තාන් රාජ්‍ය තානාපති ඩබ්ලිව්. ඒ. කේ. එස්. ද අල්විස් මහත්ම මහත්මීහු මෙම නියෝජිත පිරිසට අයත් වූහ.
ශ්‍රී ලංකාව හා යහපත් සබඳතා වැඩි දියුණු කිරීමට, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍යවරිය නව දූත මණ්ඩල ප්‍රධානීන් දිරිමත් කරමින් සඳහන් කළා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පෙන්වා ඇති වගකීම්වලට වඩා, වඩාත්ම වැදගත් වෙන්නේ, මනුෂ්‍යයන් විදියට සේවය කිරීම. බොරුවට රගන්නේ නැතිව, ජනතා සේවය කරන්න වගකීම් බාරදෙන්න