
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේ දී අද පැවසීය.
මෙවන විට භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර එම තීන්දු ලංකාවේ අපනයන වලටද යම් අහිතකර තත්ත්වයක් ඇතිවන බව ජනාධිපතිවරයා කීය.
එය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ ගනිමින් සිටින අතර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය.
අර්බුදය විසඳා ගැනීමට මෙන්ම ඊට මුහුණ දීම සඳහා සැලසුම් හදමින් සිටින බව කී ජනාධිපතිවරයා ලංකා ආර්ථිකය යළි අර්බුදයට ලක් නොවන අයුරින් හැසිරවීමට සැලසුම් සකස් කරන බව ද කීය.
මෙය අපේක්ෂා නොකළ තත්ත්වයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහෙත් ලංකා ආර්ථිකය ඉතා හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා උද්ගතව ඇති ප්‍රශ්නයට මුහුණ දිය යුතු වන්නේ පක්ෂ හැටියට නොව ජාතියක් හැටියට බවද කීය.
මේ වසරේදී සපුරා ගත යුතු යම් ඉලක්කයන් මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන්නේ යැයිද ඇතිවී තිබෙන අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ සාකච්ඡා ඇරඹීම වෙනුවෙන් අප උපරිම කැප කිරීම් කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (7)පැවැති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
සකාච්ඡා කරාට කමක් නෑ. තියෙන ණය ප්‍රමාණය කීයද කියලා කියන්න එපා කියලා, ඉස්සර හිටපු පාර්ලිමේන්තු ඇමති කෙනෙක් අපට කිව්වා. "ඕක නයක්ද කියලත් එයා කිව්වා . ඔයා එයාව අඳුරනවද?
බොහොම දුරාතීතයේ මෙතුමන්ලා මහජනයා ගැන සෑහෙන උනන්දුවෙන් කම්පාවෙන් හිටියේ, ඒ කාලේ පඬුකරඳ ගසක් ගැන සෑහෙන කතා වුනා, මුළු රටම විරෝධය පෑවා ආණ්ඩුවට, ඒ කාලෙත් මාලිමාවුන්ගේ ප්‍රධාන කතාවක් වුනේ ඒක දැන් ලංකාවේත් දුර්ලබ ලෝකයේ කොහෙවත්ම නැති ශාකයක මල් කපල තට්ටයෙක්ට පූජා කරා මේ ජනාධිපතියා, එක බල්ලෙක් කටක් ඇරියේ නැහැ, මේ පත්තරේවත් ඒ ප්‍රවෘත්තිය දැම්මේ නැහැ. අන්න කාලය මැවූ වෙනසක තරම, පුනරුදේ කියන්නේ මේවට වෙන්න ඇති.
මාස හයක් යන්නත් ඉස්සෙල්ලා සිංහනාද බලු කෙඳිරිලි වෙලානේ.
යෝගා, මහානාම කලින්ම අඳුනා ගත්තා සිහිනයක් නෙමෙයි කියලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ආයතන ඉස්සර ඇඹරුන දණ ගහන දීන නායකයෙක් නොවී රට වෙනුවෙන් පෙනී ඉන්න හැකි එඩිතර නායකත්වක් රටට ලැබිලා තියෙනවා. ඒක රටේ වාසනාව !