IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත් අවුරුද්දෙන් පසු ඇගලුම් සේවකයන්ගේ රැකියා අවධානමක

(නිමල කොඩිතුවක්කු)

ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට අපනයන භාණ්ඩවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බද්ද ක්‍රියාත්මක වුවහොත් අලුත් අවුරුදු සමයෙන් පසු ඇගලුම් කම්හල් සේවකයන්ගේ රැකියා අවධානමක් පවතින බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කර්මාන්තශාලා කඩා වැටී රැකී රක්ෂා අහිමි වී ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජනතාවටම මින් බරපතල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2033 ගෙවීමට තිබූ ණය 2028 ගෙවීමට ඇති බැවින්  ඒ සදහා පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගයට මෙම බදු පැනවීම මරු පහරක් බවත්  නාත්තන්ඩිය ආසනයේ පැවැති ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම බරපතල අවධානමත් සමග ආර්ථික සුනාමියක් අප රටට එල්ල වීමට ඉඩකඩ ඇති බැවින්  රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවලක් කඩිනමින් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කීවේය.

ඇමෙරිකානු භාණ්ඩවලට 88% බද්ධක් පැනවීම හේතුවෙන් මෙම නව බදු  පනවා ඇති බවත් මේ නිසා අප රටේ අපනයනවල මිල තරගකාරීත්වය නැති වන බවද ඔහු සඳහන් කළේය.

මෙරට  ඇගලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යවන බැවින් මෙය බරපතල තත්ත්වයක් බවත්  විපක්ෂනායකවරයා පැවසීය.



අදහස් (5)

අලුත් අවුරුද්දෙන් පසු ඇගලුම් සේවකයන්ගේ රැකියා අවධානමක

කව්ද බෝයි Monday, 07 April 2025 03:20 PM

අවුලක් නෑ. උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු, පිළිවෙලට රැකියා ටික බෙදලා දෙමු.

:       2       21

Dewa Monday, 07 April 2025 03:24 PM

මෙයාගේ කටේ තියෙන්නේ හරි නොයන කතාවම තමයි. මෙයාගේ දේශපාලන අනාගතයත් මේ වගේම තමයි කියලා හිතාගන්න.

:       2       19

සෙනෙවිරත්න Monday, 07 April 2025 06:28 PM

කියවනවා, කියවනවා, ඕවා වෙන්නේ නැහැ. ඇමරිකාවේ පවා ඔය බදු ගැන ලොකු විරෝධයක් තියෙනවා. මෙයා කතා කරන්නේ හරියට අපේ රටට විතරක් ගහපු බද්දක් වගෙයි...

:       0       0

සෙනෙවිරත්න Monday, 07 April 2025 06:29 PM

මෙයාට අස්වැසුම හදලා දෙමු, යන යන තැන නැති බැරිකම හැර පියාගේ ඇති හැකිකම කියන්නේම නැහැ...

:       0       0

chandima Monday, 07 April 2025 09:02 PM

ට්‍රම්ප් එක්කලා මොන රාජ්‍ය තාන්ත්‍රිකද සහෝ? අපිට බදු අඩු කරන්න විදිහක්වත් නැහැනේ, රනිල් දුර දිග බලලා රාජ්‍ය තාන්ත්‍රික මොළය පාවිච්චි කරලා ගහපු ගිවිසුම නිසා . දැන් කාලා වරෙන්කෝ? මිනිහා හික්මීයා වගේ මේ දවස්වල හැංගිලා ඉන්නේ. වෙනදා නම් පඬි කතාවක් දෙකක් කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site