(අංජුල මහික වීරරත්න)
2024 වසරේ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එයින් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉදි කරන බව අමාත්‍යවරයා කීය.
නිවාස ව්‍යාපෘති 11 ක් යටතේ මෙම නිවාස ඉදි කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් නිවාස ව්‍යාපෘති හයක් චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක අතර ඒ සඳහා චීන යුවාන් මිලියන 552 ( රුපියල් බිලියන 22 ක්) මුදලක් ආධාර වශයෙන් හිමිවන බව අමාත්‍යවරයා කීය. නිවාස 1996 ක් ඉදි කෙරෙන බවත් ලබන මාර්තු මාසයේ දී එහි ඉදිකිරීම් අරඹන බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලේ පැළවෙන බොරු කියන්න එපා... හරි අපිත් ඉඳියිනේ මාර්තු වෙනකල්... බඩ විතරයි වැඩ නෑ...
අසුන්දර කප්පන් බඩාගේ සුන්දර සිතුවිලි, මේකෙන් කීයක් ගහන්න පුළුවන්ද?
ආණ්ඩුවට හෙනම ගහපන්! ලබන ඡන්දෙදී රටේ ජනතාව ඔබලාට උත්තර දෙනවා. මේ කරන අසමජ්ජාති වැඩවලට, කාලකන්නි අපතයෝ 225 සහ ඔවුන්ගේ මහා එකාට හෙනම ගහපල්ලා...
වලකක්කුස්සියක් හදාගන්න සල්ලි නැහැ... මුල් ගලක් තියලා ඡන්දෙ දිනන්න දැන් බැහැ. ඒ ඉස්සර...