(විමුක්ති එස් රුද්‍රිගු)
දෙරට අතර ආර්ථික සබඳතා සහ බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් අහමඩ් කුමරු අතර හමුවක් ඊයේ (26) පැවති බව ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීමට විශාල හැකියාවක් තිබෙන බවත් ඒ හේතුවෙන් සෞදි අරාබියාව ආයෝජන අවස්ථා සහ සියලු දේ සැලකිලිමත් බවත් අලි සබ්රි මහතා ඇරැබ් නිව්ස් වෙත පෙන්වා දී තිබේ.
සෞදි අරාබිය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව, විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලනු ඇති බවත් සෞදි අරාබියේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාව සළකා බලනු ඇති බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය බවත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පමණක් නොව මහද්වීපය සඳහාම ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය විය හැකි බවත් අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අලි සබ්රි-සෞදි විදේශ අමාත්‍ය අතර හමුවක්