(විමුක්ති එස් රුද්‍රිගු)

දෙරට අතර ආර්ථික සබඳතා සහ බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් අහමඩ් කුමරු අතර හමුවක් ඊයේ (26) පැවති බව ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීමට විශාල හැකියාවක් තිබෙන බවත් ඒ හේතුවෙන් සෞදි අරාබියාව ආයෝජන අවස්ථා සහ සියලු දේ සැලකිලිමත් බවත් අලි සබ්රි මහතා ඇරැබ් නිව්ස් වෙත පෙන්වා දී තිබේ.

සෞදි අරාබිය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව, විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලනු ඇති බවත් සෞදි අරාබියේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාව සළකා බලනු ඇති බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය බවත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පමණක් නොව මහද්වීපය සඳහාම ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානය විය හැකි බවත් අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.