(සුජිත් හේවාජුලිගේ )
වන අලි පහරදීමකින් මියයන පුද්ගලයකු වෙනුවෙන් ඔහුගේ ඥාතීන්ට මෙතෙක් ලබා දෙන රුපියල් ලක්ෂ පහේ වන්දි මුදල රුපියල් දස ලක්ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
මෙයට අමතරව වන අලි පහරදීම්වලින් දේපළ හානි සිදුවන පුද්ගලයෙකුට දෙන රුපියල් ලක්ෂයේ වන්දි මුදල රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි ඔහු සඳහන් කළේය.
බොහෝ පාර්ශවවලින් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ.. ජයවේවා..!!!
එතකොට තෙල් මිල අඩු වෙයිද?
හරි, හොඳ බුද්ධිමත්ම විසඳුමක් සොයාගෙන තියෙන්නේ නේද? කොහොම ස්තූති කරන්නද මන්දා...!! අැමතිතුමනි මිනිස් ජීවිතයකට ලන්සු තියන්න අවශ්‍ය නැහැ.. ඔබතුමන්ලාගේ සේවාව ටක්කෙටම හරියටම මහජනයා වෙනුවෙන් කළා නම්... හරි ප්‍රමිතියක් අැතුව අලි වැටවල් හදලා දුන්නා නම් මිනිස් ජීවිත නැතිවෙන්නෙත් නැහැ. මුදලුත් ඉතිරිවෙනවා. අලි මිනිස් ගැටුමත් අවසන් වෙන්න කියා ප්‍රාර්ථනා කරමු...
මරණයට කලින් ජීවිතයක මිල නියම කරන ලදී.
මේ වගේ තිරිසන් අමන පාලකයින් හා මෝඩ මිනිස්සු ජීවත්වෙන රටක ඉන්න අලින්ටයි හරි නම් වන්දි ගෙවන්න ඕනෑ...
අලියාට කෙක්ක ගේන්න ඕනෑද? විමලෙට පුළුවන්ද?