
පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යොදන්නැයි පාකිස්තාන ෆෙඩරල් රජයට බල කරමින්, පාකිස්තාන ජනතා පක්ෂය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
මේ වනවිට පාකිස්තානයේ බලයේ සිටින්නේ සන්ධාන රජයකි. එම සන්ධානය පවතින්නේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂය සහ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ අතරේය.
ඝාතනයයට ලක් වුණු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පියා සුල්ෆිකාර් අලි බූතෝ ය. වර්තමානයේ පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ බෙනාසීර් බූතෝගේ පුතා යන බිලාවල් බූතෝ ය. පාකිස්තාන ජනාධිපති ධුරය හොබවන්නේ, බිලාවල්ගේ සැමියා සහ බෙනාසීර්ගේ සැමියා අසීෆ් අලී සර්දාරිය.
සුල්ෆිකාර් අලි බූතෝ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ජනාධිපතිවරයකු ද වෙයි. 1928 වසරේ උපන් අලි බූතෝ ට 1979 අප්‍රේල් 4 වැනිදා රාවුල්පිණ්ඩි බන්ධනාගාරයේදී මරණ දඬුවම හිමිවිය.
මරණ දඬුවම හිමිවනතුරුම, සුල්ෆිකාර් අලි බූතෝ, ඔහු විසින් පිහිටුවනු ලැබූ පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති ධුරය හෙබවීය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සුල්ෆිකාර් අලි බූතෝ සහ ඔහුගේ පාකිස්තාන ජනතා පක්ෂය සමත්විය.
කෙසේ නමුත් මැතිවරණය දූෂිත යැයි චෝදනා එල්ල වී, රට දේශපාලනික වශයෙන් අස්ථාවර වෙද්දී, හමුදාව බලය අල්ලා ගත්තේය. ඒ, එවකට හමුදාපති වූ මුහම්මද් සියා උල් හක් විසිනි.
චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර බන්ධනාගාරගත කෙරුණු සුල්ෆිකාර් අලි බූතෝගේ මරණ දඬුවම ක්‍රියාතම කෙරුණේ 1979 අප්‍රේල් 4 වැනිදාය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 51 ක් විය. පාකිස්තායේ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස සුල්ෆිකාර් අලි බූතෝ සැලකෙයි.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට
Bibi Monday, 13 May 2024 12:33 PM
ඕක මොකක්ද? රජපක්ෂ භූතයින් මේ රටේ හැමතැනම ඉන්නේ...!