IMG-LOGO

අල් ජසීරා සාකච්ඡාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහා නා හිමි බවට තමා කළ ප්‍රකාශය අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීමේදී සම්පූර්ණයෙන්ම කපා දමා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉහත සාකච්ඡාවේදී ප්‍රශ්න විමසීම සඳහා තමාට නොදන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දෙදෙනකුම යොදවා සිටියේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.

අල් ජසීරා සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේදී තමා පෙනී සිටියේ රට වෙනුවෙන් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද (6) සවස ප්‍රචාරය කරන ලද අල් ජසීරා මාධ්‍ය හමුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අල් ජසීරා මධ්‍ය නාලිකාව මා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව අද දින විකාශය කරනු ලැබුවා.ලංකාවේ සම්මුඛ සාකච්ඡා වල සජීවීව පටිගත කොට හොඳ මෙන්ම නරක සියල්ලම විකාශය කරනු ලබනවා.නමුත් මා සමග අල්ජසීරා මාධ්‍ය ආයතනය පැය දෙකක පමණ සම්මුඛ සාකච්ඡාවක් කොට විකාශය කොට ඇත්තේ පැයක පමණ කොටසක්.

එහි ඇතැම් හොඳ අදහස් දැක්වීම් පළ කර නැහැ.ඒ සියල්ල විකාශය කළා නම් මීට වඩා පරිපූර්ණ අදහසක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.

අම්බිකා සත්‍යනාදන් මැතිනිය අදාල සම්මුඛ සාකච්ඡාවට එන බව කිව්වත් ඇය ආවේ නැහැ.අන්තිමට ආවේ වෙනත් රාස රත්නම් නම් කාන්තාවක්.ඒ බව මට කලින් කියා තිබුණේ නැහැ.ඇයගේ ස්වාමි පුරුෂයා ඇන්ටන් බාලසිංහම්ට උපදෙස් දුන් පුද්ගලයෙක්.ඒ කාරණාව වැරදි නම් මදුරා රාසරත්නම් මැතිනියට එය නිවැරදි කරන්න පුළුවන්.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු දෙන්නෙක් අදාළ සම්මුඛ සාකච්ඡාවට යොමු කර තිබුණා. පැන්සිස් හැරිසන් එහි හිටියා.

යුද්ධයේදී හතලිස් දාහක් මැරුණා යැයි කියන කතාව බොරුවක් බවට මා පැවසුවා. එවැනි තවත් කරුණු ගණනාවක් තිබුණා.මා ඒවා මෙතන කියන්න යන්නේ නැහැ.

ලංකාවේ බහුතරයක් සිටින්නේ බෞද්ධයන් බවත් අප දන්නා ප්‍රධාන ආගමික නායකයා මල්වතු මහනාහිමියන් බවත් මා ප්‍රකාශ කළා.

අනෙක් සියලු පූජකතුමන්ලා එනම් කාදිනල් තුමා හෝ බිෂොප් තුමන්ලා ඉන් පසුව බව මා ප්‍රකාශ කළා. නමුත් එය විකාශය කර නැහැ.

කිසිදු අවස්ථාවක බලයේ නොසිටි බව කියමින් මා ප්‍රශ්න මඟ හැරියේ නැහැ. මගෙන් වැඩිපුරම ඇසුවේ රාජපක්ෂලා ගැනයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

අල් ජසීරා සාකච්ඡාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

Kule Friday, 07 March 2025 01:02 AM

ඔබ තුමා ශ්‍රේෂ්ඨ ආකාරයේ පිළිතුරු දී තිබෙනවා. මීළඟ පාප් තුමා වෙනුවෙන් නාමයෝජනා දී තිබෙන අපේ අගරදතුමන්ට ප්‍රසිද්ධියක් ලබා දීමයි ඒ නාලිකාවේ උවමනාව.

:       21       15

මිලානෝ වැසියා Friday, 07 March 2025 04:50 AM

මෑත කාලීනව ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන ලද හොදම පැහැදිලි කිරීම සහ ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් නොබියව ජාත්‍යන්තරය තුල පෙනී සිටීම සම්බන්ධයෙන් සමස්ථ ජාතියේම ප්‍රණාමය ඔබ තුමාට හිමිවෙනවා.

:       21       19

මැක්ස් Friday, 07 March 2025 05:47 AM

ස්වාධීන යැයි කියා ගන්නා බොහෝ මාධ්‍යවල යථා ස්වභාවය එයයි. තවමත් සක්‍රිය එල්ටීටීඊයේ කෙරුම් ද මෙමඟින් පෙන්නුම් කෙරේ.

:       11       15

Gayan Dissanayake Friday, 07 March 2025 06:12 AM

ඉතින් යකෝ උඹනේ රාජපක්ෂලාගේ ගැලවුම් කරු, මුගෙන් අහන්නේ නැතුව කාගෙන් අහන්නද රාජපක්ෂලා ගැන?

:       18       15

Kazi Shajahan Friday, 07 March 2025 07:38 AM

අපේ Tax සල්ලිවලින් ලෝකේ වටේ ගිහින් නිකම් පච වෙලා ආවා. අපි දැක්කා නෑ, නිකම් Joker කෙනෙක් වගේ. අහපු දේවල් වලට reply කරන්නවත් බැරි උනා.

:       21       17

ගුණරත්න Friday, 07 March 2025 11:45 AM

අල් ජසීරා කියන්නේ ත්‍රස්තවාදීන් ට සහයෝගය දෙන සංවිධානයක්...

:       11       9

Janii Friday, 07 March 2025 02:01 PM

අනුන්ගේ ලයිසන් එකකින් දුවපු ෆෙරාරිය අල් ජසීරා බිල්ඩිමේ හැප්පුනා නේද?

:       8       5

කව්ද බෝයි Friday, 07 March 2025 03:02 PM

මෙයා කවමදාකවත් ලංකාව වෙනුවෙන් පෙනී ඉඳල නෑ. මුලින්ම කොටින්ට කෑල්ලක් ලියලා දෙන්නම ගියා...ඊට පස්සේ මගුල් ගෙදර ගියා කියලා මහ බැංකු හොරා වෙනුවෙන් පෙනී හිටියා...මෑත ඉතිහාසයේදී රටකාපු දේශපාලන හැතිකරේ වෙනුවෙන් පෙනී ඉඳල, උන්ට අරගලහානි වන්දි, බාර්-ෂෙඩ් පර්මිට් හෝල් සේල් එකේ දුන්නා...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site