(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි ඇතුන් 433 දෙනකු පසුගිය වසරේදී මරුමුවට පත්ව ඇතැයි පරිසරය ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වහා ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
අලි මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එම කාරක සභාවට මෙහිදී ඉදිරිපත් කෙරිණ. අලි මිනිස් ගැටුමට විසදුම වන්නේ ප්‍රජාව මුල්කරගත් විදුලි වැට හා කුඹුරු ආරක්ෂා කරන කාලීන විදුලි වැට ඉදිකිරීම බව වනජීවී නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ අලි මිනිස් ගැටුම අවම කිරීමට නම් ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු ගැන නොවෙයි පියාඹන අශ්වයා කියන්න පුළුවන් යතුරුපැදි අනතුරු වලින් මෙම වර්ෂයේ මේ දක්වා කොපමණ පිරිසක් මියගියාද කියන්න... ඒවා වැළැක්වීම සඳහා ගත්තු පියවර මොකක්ද? අඩුම තරමින් එහෙම එකක් නැත්නම් එවැනි දේවල් ගැන අවධානයක් හෝ තිබේදැයි දැනගන්න කැමැතියි...
අලි මිනිස් ගැටුමෙන් මියයන මිනිසුන් ගැන කවුරුත් කතා නෑ... හේතුව එසේ මියයන්නේ දුගී දුප්පත් අසරණ මිනිසුන් නිසාද? මගේ අදහස නම් අලියාට වඩා මිනිසාට ප්‍රමුඛත්වය දී අලි ගහනය බෙහෙවින් සීමාකළ යුතු බවයි. අලි බලන්න ඕනෑ අයට පින්නවල වැනි තැන් තව කීපයක් තිබුනොත් ප්‍රමාණවත් නේද? අති විශාල අලි රංචුවලින් පරිසරයටවත් රටටවත් ඇති යහපත කුමක්ද? අලිවැටවල් වලින් කොමිස් ගහන අය මේවාට කැමැති නෑ... අලිකානු දානවටත් කැමැති නෑ... ඇයි ඒකෙ කොමිස් නැහැනේ...!
අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි ඇතුන් මියගිය ගණන මෙන්ම, මිනිසුන් කී දෙනෙක් මියගියාද යන්නත් සඳහන් කිරීම වැදගත්...
මහ අලියාටත් අද හෙට වැඩක් දෙයි වගේ