ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් හටගත් අර්බුදය අවසන් කිරීමට නම්, ග්‍රීන්ලන්ත රජය, ඩෙන්මාර්කයේ මැදිහත්වීමකින් තොරව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කළ යුතු යැයි ග්‍රීන්ලන්ත විපක්ෂ නායක පේලේ බ්‍රෝබර්ග් පැවැසීය. 

පේලේ බ්‍රෝබර්ග් නියෝජනය කරන්නේ, ග්‍රීන්ලන්තයේ ප්‍රධාන මෙන්ම විශාලතම විපක්ෂය වන ‘නලර්රැක්’ දේශපාලන පක්ෂයයි. ග්‍රීන්ගන්තයේ ජනගහනය 57,000 කි. ග්‍රීන්ලන්තය ඉතා වටිනා ඛනිජ සම්පත්වලින් පිරි දූපතකි.

මෙය අතීතයේ ඩෙන්මාර්කයේ කොටසක් විය. අද ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයෙකි. ග්‍රීන්ලන්තයට පුර්ණ නිදහසක් අවශ්‍ය යැයි එරට සියලුම දේශපාලන පක්ෂ හඬ නගයි. කෙසේ නමුත්, ඒ ගැන වැඩියෙන් හඬ නගන දේශපාලන පක්ෂය වන්නේ ‘නලර්රැක්’ පක්ෂය යැයි පැවැසෙයි.

ට්‍රම්ප් මුලින් පැවැසුවේ තමන් ග්‍රීන්ලන්තය මිලදී ගන්නා බවය. කෙසේ නමුත්, වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ පැහැර ගැනීමෙන් පසු ට්‍රම්ප් පවසා ඇත්තේ බලහත්කාරයෙන් හමුදාව යොදවා හෝ ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගන්නා බවය.

ඩෙන්මාර්ක රජය ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට දැඩි ලෙස විරෝධය පළ කළේය. ග්‍රීන්ලන්ත විදේශ අමාත්‍ය විවියන් මොට්ස්ෆෙල්ඩ් මාද්‍ය හමුවේ කියා සිටියේ, ග්‍රීන්ලන්තයට සෘජුව ඇමෙරිකාව සමඟ මේ ගැන සාකච්ඡා කළ නොහැකි බවත්, නීත්‍යාණුකූලව ඩෙන්මාර්කයෙන් ඊට අවසර නොලැබෙන බවත්ය.