(සුජිත් හේවාජුලිගේ )
අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ මහතා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය .
ජාත්‍යන්තරය ගැන කතා කිරීමට පෙර රටේ අභ්‍යන්තරය ගැන දැනගත යුතු බවත් රජය විදේශ රටවල්වල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවත් අගමැතිවරයා කීවේය.
ස්ථිරසාර රජයක් නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා රට බාරදීලා අවුරුදු 70 ගෙවිලා ගියා... ඉන්පසු අපේ බලයට පත්වූ හැම රජයක්ම කලේ සුද්දා ගිය දවසේ ඉඳලා රට උගස් කරලා ණය අරගත්තු එක. හැබැයි ඒ ගත් ණයෙන් රට දුවන බව කිසිම ආණ්ඩුවක් එළිකලේ නැහැ එදා පරපුරට...! අද හැත්තෑ අවුරුදු එකතු වෙච්ච පොළියක් එක්ක රට ගෙනියන්න වෙලා තියෙන්නේ! හැබැයි පාර්ලිමේන්තුවේ හිටපු හෝ දැන් ඉන්න මැති ඇමැති මන්ත්‍රි කිසිම කෙනෙක්ට ඒ වෙනුවෙන් පොළියක් ගෙවන්න සිද්ධවෙලා තියෙනවාද..? නැත..! ඇත්ත !! රට දිළිඳු වෙලා..!! ඒත් පාර්ලිමේන්තුවේ හිටපු හෝ දැන් ඉන්න එක මැතිඇමැති මන්ත්‍රී කෙනෙක්වත් දිළිඳු වෙලාද.? ඒක ගෙවන්න වෙලා තියෙන්නේ මතු පරපුරට..! හැබැයි ඔවුනුත් හරිම උදාසීනයි. දෙනකම්ම ලැබෙනකම්ම බලාගෙන ඉන්නවා.. මොබයිල් එකේ කොට කොට..!! පෙළපාලි යන්න ඔවුන් තරම් දක්‍ෂ අපේ විශ්වවිද්‍යාල තරුණයෝ ගැන සඳහන් කරන්න අවශ්‍ය නැත. පාඩම් පොතටවත් ඔච්චර කාලයක් එක දිනකට වෙහෙසලා ඒ තරුණයෝ යොදවනවාද..? පිටරටක නම් " අත වැඩකළොත් තමයි කට වැඩ කරන්නේේ.."
එහෙ යන ගමන් හොරකම් කරගෙන යන්නයි ඇවිල්ලා තියෙන්නේ... කොහෙද යන්නේ මල්ලෙ පොල්...
රටට, ජාතියට සේවය කරන්න මන්දිර අවශ්‍ය නැහැ නේද?
අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ සාමාන්‍ය ගෙවලවල, මන්දිරවල නෙවෙයි. ඒක නිසා දේශපාලුවන්ටත් මන්දිර අවශ්‍ය නැහැ. දැන්වත් මහා ලොකුවට හිතන්නේ නැතුව තමනුත් සාමාන්‍ය කෙනෙක් කියලා හිතන්න. මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ ඒ වෙනස...
එතකොට ඇමැතිවරු අල්ලස්, කොමිස් ගන්නෙත් ව්‍යවස්ථානුකූලවද?
තමුන් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. රනිල්ට පුලුවන් තරම් දෙස් දෙවොල් තිබ්බා.. අන්තිමට ඔහුගේ නම යෝජනා කෙරුවේ අගමැතිකමට තියෙන තණ්හාව හින්දා... බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..!
ස්ථිරසාර රජයක් තියද්දී හරියට ගමන් කළාද? එහෙම හරියට ගමන් කළා නම්, අද රටට මේ ඉරණම වෙන්නේ නැහැ. කොහොමටත් එදා ගෝඨා නැවකට පේන්න වගේ වරාය ආසන්නයේම මන්දිරයක් සොයාගන්න වෙනවා.
ජනතාවට සේවය කරන්න ඇවිත් මන්දිරවල අඩුපාඩු කියනවද? වැඩ දන්න මිනිහට ගව මඩුව වුණත් එකයි. බැරි නම් යන්න. හිඟන්නන් හිඟාකන්නේ මන්දිරවල ඉඳන් නොවේ...
ලංකාවේ කිසි දවසක සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක වී නැත. සාමාන්‍ය මිනිසකුට හිමිවනුයේ අවම සරණකි. පොලීසිය මුදලට නීතිය අවභාවිතා කරයි. නීති පද්ධතියම මුදලට විකිණෙන බව කියූ රන්ජන් අද හිර ගෙදරයි. මෙතැන් පටන්පත් නීතිය සැමට සාධාරණීකරණය කරන්න. මේ රාජ්‍ය දේපල විනාශ කරුවන්ට දැඩි සිර දඩුවම් ලබාදෙන්න. නැතිනම් මේවා ඉදිරියටත් සිදුවේ. පාසල් විශ්ව විද්‍යාලවල නීතිය පිරිහීම ඉතා දැඩිව දැකගත හැකිය. සාමාන්‍ය සමාජය තුළද එය එසේමය... එය පසුගිය මාස දෙක තුළ දැඩිව දැකගත හැකිවිය. මෙවන් අසහනකාරයින් මෙපමණ කලක් සමාජයේ සිටීම රට සංවර්ධනය නොවීමට දේශපාලකයින් සේම බලපා ඇත...
ඔය මහත්මයට දැනට ඉන්න ගෙදර ඉඳගෙන පාර්ලිමේන්තු එන්න පුළුවන් නේ. මොකද අලුත් අගමැති මාලිගාවකට ආශා හිතුනද? කියන්න... අපි ඒකත් කරලා දෙන්නම්......
රටට සේවය කරන්න මන්දිර අවශය? බල
රටේ දැවෙන ප්‍රශ්නය වන තෙල් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැරි වුණොත් තව සති 2-3 කින් ජනතාව ඇවිත් ඔබත් සමග ඔය මන්දිර පොළවට සමතලා කරාවි... ඕවා දැන් අලුත් වැඩියා කරන්න ඕනෑ නැහැ.
ඕක ඕනෙද? අනේ මගේ කට...
බොරළුගොඩ සිංහයාගේ පුතා.. අරගලයත් පාවාදුන්නා.
කොහොමද අපේ නිරායුධ අරගල කරුවන්ගේ වැඩකිඩ..?
යන්න බැරිනම්, ගෙදරට වෙලා ඉන්නකෝ... ගියා කියලා වැඩක් කරන්නේ නැහැනේ...
ඔබව අපි ළඟදීම ගෙදර යවනවා. මන්දිරවල රස්තියාදු වෙන්න තියන්නේ නැහැ.
මන්දිර...!
මේ අප්පුහාමි මන්දිර ගැන කතා කරනවා. රටේ මිනිස්සු ජීවත්වෙන්න විදිහක් නැතුව ඉන්නවා.