IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘අර්බුදයට විසඳුම නායකයන්ගේ උඩඟුකම බිම තැබීමයි‘

(ඩයනා උදයංගනී)

රටේ දීගුකාලීන ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ රට ගැන සිතන, පවූලකට කේන්ද්‍ර නොවූ, තරුණ පරම්පරාවේ අනාගතය ගැන සිතන සහ චෞරයන් නොවූ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනූවෙන් පෙනී සිටීමෙන් පමණක් යැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

වර්තමානය බලකර සිටින්නේ ළදරුවන් නොවූව ද දේශපාලනය ‘අ’ යන්නෙන් නැවත පටන්ගත යූතුව ඇති බව යැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

රට මූහූණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදය විසඳීමේ පළමූ පියවර විය යූත්තේ, පොහොට්ටූවේ සහ සමඟි ජන බලවේගයේ නායකයින් වසර දෙකකට ආසන්න කාලයක් ආභරණයන් සේ රැකබලාගත් උද්දච්ඡකම, උඬගුකම සහ ආත්මාර්ථකාමීබව පසෙකින් තැබීම බව ද හෙතෙම කීවේය.

ජනතාව දැවෙන, පිළිස්සෙන මේ පැයේ දී සියළු දේශපාලඥයින් තම සංවාදයන් කේන්ද්‍ර කළ යූත්තේ  ර්‍ණකුප්‍රකට 113” ගැන නොව මිලියන විසිදෙකක ශ්‍රී ලාංකිකයින් පිළිබඳව බව ද හිටපු ඇමතිවරයා පැවසීය.

රට වැහැරෙන පැයක දී පක්ෂයේ වහලෙක් නොවී, පොදූ ජනතාව කබලෙන් එළියට ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබාදීම තම ප්‍රතිපත්තිය බව කී ඩලස් අලහප්පෙරුම මහතා  ''පොහොට්ටුව” ප්‍රමූඛ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ද සිටින අති බහූතරයකගේ ද හෘද සාක්ෂියේ දෝංකාරය ද එයම වන බව ප්‍රකාශ කළේය.



අදහස් (0)

‘අර්බුදයට විසඳුම නායකයන්ගේ උඩඟුකම බිම තැබීමයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 237 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 430 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site