(අජන්ත කුමාර අගලකඩ)
අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.
එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්ෂාවෙන් සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවද එම ලිපියේ සඳහන් වේ.
හිටපු ඇමති අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේ දී ඊයේ ( 21) හමුවී මෙම ලිපිය භාරදී ඇත.
එහි මෙසේද සඳහන් වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඉල්ලීම හෝ පිිළිගනීවි යැයි අපේක්ෂා කරමු...!
හෘද සාක්ෂියට එකඟව කතාකරන කීප දෙනෙක් හෝ සිටීම අගය කරමු.
"අගමැති සිහිනය සැබෑ කරගන්න පාර්ලිමේන්තුවට බලය දෙමු " කිව්වා නම් තමයි නිවැරැදි...!
මෙය අවස්ථාවක් කොට ගෙන, අප රටට අවශ්‍ය ඡාතික ප්‍රතිපත්ති සකසා ගත යුතුයි. නැතහොත් නැවත මෙම හැතිකරේ රට විනාශ කිරීම අරඹනු ඇත...!
ඊට නරකද අංගොඩට බාරදුන්නා නම්..? එහෙම නැතිනම් හිරගෙදරට? ඕකේ ඉන්න වැඩි කට්ටියකට සුදුසු තැන...
මෙයා කොහෙද හිටියේ...? යන්න යන්න..!
ජයවේවා...! ඔබතුමා ඉදිරියට එන්න.. අඩුපාඩු ඇතත්, යමක් කළහැකි, අවබෝධයක් ඇති, කණ්ඩායමකට නායකත්වය දෙන්න. ඔබට පුළුවන් හැකියාවන් ඒකරාශි කරන්න. රටට සමබර නායකත්වයක් දෙන්න.
ජනපති ඉවත් වී පාර්ලිමේන්තුවට බලය පැවරීමෙන් පසු පොදු සම්මුතිය අනුව මැතිවරණයකට යනතෙක් තාවකාලික රජයක් පිහිටුවාගෙන කටයුතු කළ හැකියි. ඒත්, මේ තාවකාලික රජයේ වර්තමානයේ රටට එපාවූ හා රට අස්ථාවර කළ කණ්ඩායමේ දේශපාලකයින් ඊට ඇතුළත් නොවිය යුතුයි.
මේ වෙලාවේ හැඟීම් සහ ආවේගශීලි වුණොත් වඩාත් අගාධයකට වැටෙන්නේ රටේ සාමාන්‍ය වැසියන්. ඒ නිසා බුද්ධිමත්ව කතා කිරීමත්, වැඩ කිරීමත් වැදගත්...
සිරසේනත් පාර්ලිමේන්තුවට බලය දීලා රට ගොඩගත්තේ, ඒක තමයි ආයෙත් කරන්න ඕනේ. උගත් පොරවල් තමයි 70 වසරක් මේ රට කෑවේ. දැන්වත් ඉන්න ගෙදරට වෙලා අපේ රට බාරගන්න ඇනෝනිමස්ලා ඇවිල්ලා ඉන්නේ. අපි ඉදිරි වැඩ ඇනෝනිමස්ලාටම කියලා කරගන්නම්...!
ඕක හරියට අතීසාරයට අලුත් අමුඩයක් ඇඳ බැලීමක් වගේ...!
මොකක් හරි බයිලාවක් කියන් එනවා විතරයි. නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඡන්දෙකට යන්න මිනිස්සු වැඩේ කරයි. දැනුත් බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවට මිසක්..., වඩේ විකුණන මනුස්සයට හරි, විට විකුණන මනුස්සයාට හරි නෙවෙයිනේ... නූගතුන් තෝරලා ඡන්දෙ දීපු මිනිස්සුන්ට යස වැඩේ...!
මේ කෙළවෙලා තියෙනවා මදිවට තවත් ඒ අයටම බලය දෙන්නද කියන්නේ...?
ඔය පාර්ලිමේන්තුවේ කපටි හීං නූල් කාරයෝ තවත් නැහැ .. වැල යන අතට මැස්ස ගහනව ලස්සනට...
කියන්න වහාම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීලා සියල්ලන්ම ඉවත්කර විවිධ විෂයයන් සම්බන්ධයෙන් දක්ෂ අයට එම තනතුරු දීලා ඇමැතිවරු ලෙසට පත්කර රට මෙහෙයවන්න. ජාතික ලැයිස්තුවේ මොන පක්ෂය යටතේ නම තිබුණත් සියලුම ඇමති තනතුරු දැරිය යුත්තේ ඔවුන් පමණක් විය යුතුයි. අවශ්‍ය නම් උප ඇමැති තනතුරු ඡන්දයෙන් පත්වන අයට දීමට කටයුතු කරන්න... රටට වරදින්නේ නැහැ. අගමැති පාර්ලිමේන්තුවේ බහුතරයේ රහස් ඡන්දයෙන්ම පත්කළ යුතුය. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති නොවිය යුතුයි. විපක්ෂයක් අවශ්‍ය නැහැ.. සැමටම හරි වැරැද්ද ප්‍රකාශ කිරීමට නිදහස ඇතිකළ යුතුයි. විපක්ෂයක් තිබීමේ වරදත් පක්ෂ නායකයාගේ අදහසට කිසිවෙකුට විරුද්ධව යාමට තහනම් වීමත් රටට ශාපයක් වෙලා තියෙනවා කියා කියන්න පුළුවන්...!
ඔය එක එක උප්පරවැට්ටි දාගෙන පාර්ලිමේන්තුවට වෙලා ඒ අයගේ බඩකට, මඩිය පුරවාගැනීම හැර වෙන කිසි දෙයක් සිද්ද වෙන්නේ නැහැ.