IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අර්බුදට පාඨලීගෙන් විසඳුම්

(අංජුල මහික වීරරත්න)

වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය හමුවී  සාකච්ඡා කිරීමෙන් පසු මහජන  පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියා සිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි.

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසූයේ  දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි.

මහජන පක්ෂය සමග පැවති සාකච්ඡාවට එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස් මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (4)

අර්බුදට පාඨලීගෙන් විසඳුම්

nanda Saturday, 30 March 2024 04:51 AM

මෙයත් ඔය ප්‍රධාන පක්ෂ දෙ එක්කම බොහෝ කාලයක් වැඩ කළා නේද? ඒ කාලයේ ඕවා කියන්න බැරි වුණාද? අද අවශ්‍යතාවය පුද්ගලයින් ගොඩදැමීම නොවේ...

:       1       4

Sriyal Saturday, 30 March 2024 06:30 AM

නාටක උප්පරවැට්ටි...!

:       1       5

ලක්ශ්‍රීනි Saturday, 30 March 2024 08:03 AM

ලංකාවේ වෙන්නේ පොල්පිති ටිකක් අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් කළත් තමන්ගේ පරම්පරාව ගැතිකම් කරපු කෙනෙකුගේ නායකත්වයට ඡන්දය දීලා බඩගෝස්තරය රැකගන්න කටයුතු කිරීම තමයි. කිසිම ඡන්ද දායකයෙක් රට ගැන අවධානය යොමුකර වැඩදායක තීරණ ගන්නේ නැහැ... පාර්ලිමේන්තුවේ මංත්‍රී ජනතා තේරීම නිසා අමාත්‍ය මණ්ඩලයද පක්ෂ භේදයකින් තොරව හැකියාව හා දක්ෂතා ඇති අයගෙන් ජනතා මනාපයෙන් තෝරා ගන්නවා නම් හොඳයි... ඒකට බාධා වෙන්නේ සංවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති නැතිකම තමයි...

:       0       3

ඉලෙක්ටික් නින්ජා Saturday, 30 March 2024 11:34 AM

මෙයා යනවා. මෙයාව ඇප නැතිව පරද්දන්න ලාංකිකයිනි එක්වන්න. කුණු ගොඩට දමමු...!

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site