
(අංජුල මහික වීරරත්න)
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය හමුවී සාකච්ඡා කිරීමෙන් පසු මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියා සිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි.
එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසූයේ දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි.
මහජන පක්ෂය සමග පැවති සාකච්ඡාවට එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස් මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් ඔය ප්‍රධාන පක්ෂ දෙ එක්කම බොහෝ කාලයක් වැඩ කළා නේද? ඒ කාලයේ ඕවා කියන්න බැරි වුණාද? අද අවශ්‍යතාවය පුද්ගලයින් ගොඩදැමීම නොවේ...
නාටක උප්පරවැට්ටි...!
ලංකාවේ වෙන්නේ පොල්පිති ටිකක් අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් කළත් තමන්ගේ පරම්පරාව ගැතිකම් කරපු කෙනෙකුගේ නායකත්වයට ඡන්දය දීලා බඩගෝස්තරය රැකගන්න කටයුතු කිරීම තමයි. කිසිම ඡන්ද දායකයෙක් රට ගැන අවධානය යොමුකර වැඩදායක තීරණ ගන්නේ නැහැ... පාර්ලිමේන්තුවේ මංත්‍රී ජනතා තේරීම නිසා අමාත්‍ය මණ්ඩලයද පක්ෂ භේදයකින් තොරව හැකියාව හා දක්ෂතා ඇති අයගෙන් ජනතා මනාපයෙන් තෝරා ගන්නවා නම් හොඳයි... ඒකට බාධා වෙන්නේ සංවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති නැතිකම තමයි...
මෙයා යනවා. මෙයාව ඇප නැතිව පරද්දන්න ලාංකිකයිනි එක්වන්න. කුණු ගොඩට දමමු...!