
(මනෝප්රිය ගුණසේකර)
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනකුට එරෙහි නඩුවේ අධිකරණයට ඉදිරිපත් නොවී පැනගොස් සැගවී සිටින විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
මෙම නඩුවට අදාලව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පැනගොස් සැඟවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නැමැති විත්තකිරුවන් නොමැතිව මෙම නඩුව විභාග කරන්නයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි දිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්කිකරුවන් දෙදෙනා නොමැතිව නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මෙම නඩුව අමල් රණරාජා (සභාපති), නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවෙන් වැරැදිකාරයා වෙයි.. ඒත් ඉතින් වැඩක් නැහැනේ.. කොහේ කියලා අල්ලන්නද? ආණ්ඩු මාරු වූ ගමන් ලංකාවෙන් මතු වෙයි.
මොන විහිළුවක් ද මේ? කාවද රවට්ටන්නේ?.
ඡන්දෙ කාලේදී කීවේ නම් " මහබැංකු කොල්ලකරුවන් සේරම බෙල්ලෙන් අල්ලලා ගෙනැවිත් හිරේදානවා" කියලයි. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. 69 ලක්ෂයක් නොවැම්බර් වරුන් කාපු ලණුව පව්...
ලක්මිණීලාට ඉතින් තප්පුලන පදයට නටන්න ඕනෑනේ.. නැතිනම් මේ මොන විහිළුවක්ද? ලෝකෙ කොහේ හිටියත් සති 02න් ගේනවා කියලා තමයි කිව්වේ. තවමත් තප්පුලන අය ඉන්නවා... ඒකනේ පුදුමේ...
අපි නම් හිතුවේ අපේ සර් ආපු ගමන්ම අල්ලගනී කියලා.. දැන් බලනකොට කළින් ආණ්ඩුව වගේ නෑ. එයාලා ඇල්ලුවෙත් නැහැ... මෙයාලා ලොකුවට පම්පෝරි ගැහුවට ඇල්ලුවෙත් නැහැ. රංජන් නම් කිව්වා.. මේ අය ඔක්කොම යාලුවෝ මල්ලි... හොරු අල්ලන්නේ නැහැ කියලා.. ඒක නම් ඇත්තනේ..
මේකත් අර කැකිල්ලේ නඩුව වගේ තමයි... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
පටස් ගාලා අල්ලගන්නවා කියලායි කිව්වේ? කොහොමද කයිවාරු ගැහැව්වේ නම් ? අනිත් කවුරුවත් ඔහොම වේවි නේද?