(රන්ජන් කටුගම්පොල)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අගෝස්තු මස 31 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් ගොනු කොට තිබූ මේම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව මහතා හමුවේ සලකා බැලිණ.