(ඩයනා උදයංගනී)
අරගලයට සම්බන්ධ වූ නිරායුධ අහිංසක ජනතාවට විරුද්ධව කිසිඳු පරීක්‍ෂණයක්, හෝ අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
නමුත් යම් ආකාරයකින් රාජ්‍ය දේපලවලට හානිකිරීමට, ත්‍රස්ත හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වූ අය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
දැවැන්ත ව්‍යාපාරිකයන් පවා මේ අතර සිට ඇතැයි කී ඇමතිවරයා රාජ්‍යයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවල නිරත වූ අයට මිස සාමකාමීව අරගලයට එක්වූ කිසිවකුටත් කරදරයක් වන්නේ නැතැයි ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදි විරෝධීව සිටි මෙතුමා අද ප්‍රජාතන්ත්‍රවාදීගරුක වීම සතුටට කරුණකි. තනතුරු ලැබීම හෝ නොලැබීම තුළ අපේ රටේ දේශපාලකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදි ස්වරූපයද වෙනස් වෙන සුළුයි. වෙනස් නොවන එකම දෙය ලැජ්ජා නැතිකමයි.
මොනවා වුණත් ඔබතුමා පරිස්සම් වෙන්නකෝ...!