IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක්

(සුජිත් හේවාජුලිගේ)

නියගය හේතුවෙන්  ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම  ජනතාව   රජයට එරෙහිව  පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක  වෙමින් පවතින  බවට රජයේ  බුද්ධි අංශ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  රහස්‍ය වාර්තාවක්  බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින්  දැනගන්නට ඇත.

මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය  අරගලයට සම්බන්ධව සිටි පිරිසක්  බවද  බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන  අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත.

කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින් එම වාර්තාවෙන් විස්තර සහිතව  පෙන්වා දෙනු ලැබ ඇතැයිද  වාර්තා වේ. එසේම  ජනමාධ්‍ය ආයතන කිහිපයක්ද නම් කර ඇති එම බුද්ධි අංශ ඒ  මාධ්‍ය ආයතන ජනතාව ප්‍රකෝපකරන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන බවද සඳහන් කර ඇත.

විපක්ෂයේ  පක්ෂයක්, විපක්ෂයේ දමිළ පක්ෂයක් නියෝජනය මන්ත්‍රීවරයකුද   මේ කටයුත්තට සම්බන්ධ වී  සිටින  බවට   බුද්ධි අංශ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත.

නියගයෙන් පීඩාවට පත්ව  සිටින ගොවි  ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වා  එමගින්  ආහාර හිගයක්  ඇතිවන බවටද සඳහන් කරමින් ජලය වෙනුවෙන් ජන සටහනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට   මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන  බුද්ධි අංශ වාර්තාව මෙම පිරිසට අද  අවශ්‍යවී ඇත්තේ පසුගිය වසරේ සිදුවූවක් මෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිකර ඒ ඔස්සේ දේශපාලන පෙරළියක් ඇති කිරීම බවද  වැඩිදුරටත්   සඳහන් කර ඇත.



අදහස් (12)

අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක්

මැක්ස් Monday, 07 August 2023 04:14 PM

ගෝටා මහතා සමග කළ සෙල්ලම් රනිල් මහතා සමග කළ නොහැකි බව මේ ඉත්තන් මෙවර ඉගෙන ගන්නවා ඇත. කෙසේ වුවත්, මේ කඩාකප්පල්කාරීන් ගේ සහායට මෙවර තානාපති නෝනාලා හෝ පිටරට සංවිධාන නොපැමිණෙනු ඇත. එසේම, ජවිපයද ඔවුන්ගේ සරණට නොඑනු ඇත. උසිගන්වන ටීවී චැනල් කාරයින් ද පිටේ පත්තු බඳින්නට නොඑනු ඇත...

:       200       295

SARAMonday, 07 August 2023 06:45 PM

ජවිපෙ කලින් එකටත් හිටියේ නෑනේ. නායකයෙක් නැති අරගලවලට අපි නෑ කියලනේ කිව්වේ... !

:       39       59

කිරිපුතා Monday, 07 August 2023 04:35 PM

ඒ මාරාන්තික පිස්සුව නම් නිට්ටාවටම සුවකළ යුතුයි. NGO වලින් මුදල් අරගෙන රට විනාශ කරන පුද්ගලයින් බොහෝ ඉන්න වග පැහැදිලියි. පහුගිය ජනාධිපතිවරයා මෙන් හුරතල් කරකර හිටියොත් රට ඉවරයි...

:       165       239

අරවින්ද මොනරවිල Monday, 07 August 2023 06:16 PM

රනිල් රාජපක්ෂ කොයිතරම් බය වෙලාද කියලා වටේ ඉන්න සුනඛයන් බුරන තරමින් පෙනෙනවා...

:       169       73

Bamunuarachchi Monday, 07 August 2023 07:57 PM

අරවින්ද රනිල් රාජපක්ෂගේ බය බලාගන්න අරගල හැත්තට කරන්න කියහන්කෝ... අරගලකාරයින්ට ගහන්න අපේත් නොමසුරු සහයෝගය දෙනවා. ජෙප්පන්, කුරුට්ටන් මේ රටට මොනවා කරන්නද? රට කන කාලකන්නි...

:       42       149

Nandasena grTuesday, 08 August 2023 06:04 AM

මෝඩ බමුනලා එක පාරක් අරගලයට ගහලා තමයි ලොක්කට ගෙදර යන්න උනේ.කුලියට ලියන බමුණන්ට හදිසියට අකුරු ටිකවත් හරියට ටයිප් කරගන්න බැහැ.මේ වගේ හිවල්ලු තමයි මේ රටට මේ වගේ ඉරණමක් අත්වෙන්න හේතුව.ජානගත ජවිපෙ වයිරය.

:       4       9

මැක්ස්Monday, 07 August 2023 09:42 PM

"අරවින්ද මොරෙනවිල"ලා වගේ සුවාදීන නැති නිසා අපි නම් ඉතිං කා වෙනුවෙන් හරි බුරනවා, කඩේ යනවා.

:       0       4

කිරිපුතා Monday, 07 August 2023 07:16 PM

පක්ෂ බදාගත් හෝ NGO බදාගත් උදවියත් පටු මානසිකත්වයෙන් පෙළෙන උදවියත්, රටක්, ජාතියක් ගැන නොදත් උදවියත් සත්‍ය ට නිගරු කරන අතර සත්‍ය පවසන අයට ගරහන වගද ⁣පැහැදිලියි. ඔවුන්ගේ ආකල්ප රටට සහ ජාතියට විනාශය කැඳවයි...! 

:       14       97

Lakmal Monday, 07 August 2023 09:23 PM

හරක් පට්ටියක් බලන්න බැරි පොන්න රුවනා බයවෙලා

:       0       3

Nandasena gr Tuesday, 08 August 2023 06:01 AM

මේක බුද්ධි අංශ වාර්තාවක් ද ,පොහොට්ටුවේ පුද්ගලික දේශපාලන ලියවිල්ලක්ද?අරගලකාරයෝ කියන ලේබලය ගහන්න හදන්නේ කාටද?අරගලයේ දේශපාලන පක්ෂ,විවිධ කණ්ඩායම් හිටියා මිසක් නිශ්චිත එක දේශපාලන කණ්ඩායමක් මෙහෙයවපු එක්ක නෙවෙයි සහ ආණ්ඩු කරපු මෝඩ තීරණ හින්දා ඇතිවෙච්ච අරගලයක්.ඉතින් හරි තීන්දු තීරණ ගන්න බැරිව මිනිස්සු අපහසුතාවයට පත් කරලා කාගේ පිට දාන්න හදන මේ වැඩ බැරි ආණ්ඩුව ගැන තියෙන්නේ දුකක්,අනුකම්පාවක්.එක ඇමතියෙක් පෙනී ඉන්නේ විදුලි බලය වෙනුවෙන්.අනිකා ඉන්නේ වගාව වෙනුවෙන්.ආණ්ඩුවත් එක මතයක නැහැ.අද ඉන්නේ වෘත්තීමය බුද්ධි අංශයක් නෙවෙයි.දුෂිත ආණ්ඩු රකින හෙන්චයියන්

:       1       4

Nimesh Tuesday, 08 August 2023 06:25 AM

ඔය බොරු තර්ජන වලට බය වෙන්න එපා , මෙරටට ලොකු නියඟයක් එනවා කියුවේ ගිය අවුරුද්දේ ඉඳල , රනිල් ලට පොහොට්ටුවේ හොරු ටිකට අවුරුද්දකට වඩා කාලයක් තිබ්බ එකට සුදානම් වෙන්න , කාංචන ඇමතිය විදුලි බිල වැඩි කරෙත් ඉදිරියේදී නියඟයක් පමිනිවිට අකණ්ඩව විදුලිය ලබාදෙන්න හැකියාව ලබාගන්න කියල , රනිල් ලෝකේ වටේ ගිහින් දේශනා වලට සහබාගි උන ඇතිවෙන්න යන දේශගුණික විපර්යාස පිලිබඳ , ඉතින් එච්චර දැනුවත්ව ඉඳලත් ,නියඟය කට ලඟට පැමිණි පසුත් අපහු විදුලි කැපීමක් ,අහර හිඟයක් , දැඩි අහර උත්දමනය්ක් පැමිණියොත් ,එකට දැන් ඉන්න ජනාදිපති ඇතුළු කමිනට් මණ්ඩල සම්පුර්නය්න් වග කිව යුතුයි

:       1       9

kavidhu Tuesday, 08 August 2023 01:11 PM

මේක කියන්න බුද්ධි අංශ ඕනෑ නෑ. ඕන කෙනෙකුට බැලූ ගමන් පේනවා මිනිස්සුන්ට කන්න නෑ... ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙතක් ගන්න බයයි. හැමතැනම මිනීමැරුම්... කුඩු වැහි වැහැලා... ඉතින් මිනිස්සු පාරට බහින එක ගැන කියන්න බුද්ධි අංශ ඕනෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 19 3 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 329 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 279 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 2447 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 309 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1244 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 804 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site