
(විමුක්ති එස් රුද්‍රිගු)
අරගලය පැවති සමයේදී අරලිය ගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සහ එහි දේපලවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකයෙකවූ එරංග ගුණසේකර, නිලූකා දමයන්ති, ඉනෝකා ලක්මාලි, ජනක රොෂාන් සහ මුදියන්සේලාගේ විමලරත්න යන සැකකරුවන් ලබන 20 වැනිදා උදේ 9ට රජයේ රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.
අරගලය පැවති සමයේදී අනවසරයෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවීම සහ දේපළවලට හානි කිරීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 33 කට එරෙහිව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේය.
එම සිදුවීමට අදාළව සාක්ෂි ලෙස ලබාගත් ඡායාරූප සමඟ ඉහත සැකකරුවන්ගේ ඡායාරූප සංසන්දනය කිරීමට අවශ්‍ය බැවින් රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කළ ඉල්ලීමට අවසර දෙමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා මෙම නියෝගය නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගලයේ පිරිසක් රස පරීක්ෂක හමුවට
සෙනෙවිරත්න Friday, 14 June 2024 02:38 PM
මෙච්චරද එදා අරලියගහ මැදුරේ හිටියේ...?