(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුව ලබන සදුදා (25) කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් එදින පවත්වන ලෙසද ඔහු ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී නියම කරගත් ආකාරයට පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 27 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විවාදද හලෝ...? වෙන්න ඕනදේ සිද්ද වුණා...
ඒක හොඳයි. විපක්ෂය කියලා කියාගන්නා අයට මොකක් හරි වැඩකුත් එපැයි. කාලා බීලා කාලේ කා දමන්න..
සූම් තාක්‍ෂණයෙන් වඩාත් හොඳයි...! නැතිනම් අපිට ඔය පච මලුවට යන වියදම දරාගන්න බැහැ..! දිනකට ලක්‍ෂ කීයක් නාස්ති කරනවද ඕක ඇතුලේ...!
මම හිතුවේ විපක්ෂනායක තුමාට අරගලකරුවන් පහරදීම පිළිබඳව විවාදයක් ඉල්ලනවා කියලයි. අපොයි, මට ලොකු වැරැදීමක් වෙලා...
අරගලකරුවන්ට මනුස්සකමෙන් ඔහොම පහර දීම ගැන අපි අපේ යුදහමුදා හා පොලීසියට ස්තුතිවන්ත වෙන්න ඕනි..! මතකද ඇමරිකාවේ අරගලකරුවෙක්ට පොලීසියෙන් පහර දුන්නු හැටි බෙල්ල කකුලෙන් තදකරගෙන ඉඳලා හුස්ම යනතුරුම..! ඒවා ඔබතුමාට අමතකද..?
පාර්ලිමේන්තුව තුළ කතා කරන්න රටේ දැවෙන ප්‍රශ්න තියෙනවා. විවාදයේදී රටේ අරගලවලට යන්න නොදී දූ දරුවන් දඩාවතේ යවන්නේ නැතිව ගෙදර බල්ලගේ දම්වැල හරි දාලා බැඳලා තියාගත්තා නම් ආරක්ෂක අංශවලින් ගුටිකන්න වෙන්නේ නැත. එම පණිවිඩය දෙමව්පියන්ට දෙන්න...
ඇයි විවාදෙ ඉල්ලලා ගාණක් කඩා ගන්නද..?
විවාද කරන්න දෙයක් මේකේ නෑ. තමුන්නැහේලා ආවා නම් කරන්නෙත් මේකම තමයි. අපි නොදන්න විවාද...!
මේ වෙලාවේ විවාද කෙරුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. නිකම් කාලේ නාස්තිවෙන එක විතරයි සිද්ද වෙන්නේ. දැන් රටේ තියෙන අර්බූදයට විසඳුම් සෙවීමයි වැදගත්...
මේ ජනතාව කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවා. බලය ලබාගන්න ක්‍රම හිත හිතා කාලය නාස්ති කරනවා. මේ රට ඉක්මනට ගොඩ ගන්න ක්‍රමයක් හොයනවා නෙමෙයි, දැන් අරගල කරුවන් ගැන කතා කරකර ඉන්නවා. හරි හදිස්සියි.. ලොක්කාට රජ වෙන්න. ඊළඟ පාර 225ම එපා. තවත් රට කනවා. දැන් විශ්‍රාම ගියොත් නරකද යමක් කමක් තියෙන නිසා...
මොන විවාදයක්ද? නිකන් තේ බිබී, කථා කරකර කාලය නාස්ති කරන්නද?