
(අංජුල මහික වීරරත්න)
අරගලකරුවන් විසින් 2022 මැයි 09 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට අද (27) උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා සඳහන් කළේ මේවනවිට ගිනි තබා විනාශ කරන ලද නිවාස 42කින් නිවාස 33ක් සඳහා හානි පූර්ණ කාර්යාලය මඟින් වන්දි ලබාදී තිබෙන බවයි.
අරගලකරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළ වින්ධිතයන්ට වන්දි ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අරගලයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බවය.
වන්දි ලබාදීමේදී නිෂ්චල හා චංචල දේපළ වශයෙන් කොටස් දෙකකට තක්සේරු කිරීම් සිදුකරනු ලැබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස හා දේපළ හානියට පත්වීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිද්ධීන් ගණන 162කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්ටල් ප්‍රශ්න, ජනතාව ගැන ගාණක්වත් නැහැ...
කොහේ තියන සල්ලිද? මේ අයට පිස්සු...
මගේ ගේත් ගිනි තිබ්බා. ඒකටත් ලොකු වන්දියක් ලැබෙන්න තියෙනවා, ආණ්ඩුව විසුරුවන්න කලින් ඒක ගන්න ඕනෑ කියලා නේද මේ කියන්නේ...?
පව්ලෙම ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු අය. කාටවත් කියන්නේ ඔබලා ගෙවාපල්ලා...
මේ කන්නෙ අන්තිම කෑම. සීයයට දෙසීයක් ශුවර්. අනුර කුමාර ජනාධිපති වෙන එක. කඩිනමින් බෙදා ගන්න කට්ටිය වටවෙලා පස්සෙ වමාරමු
ඔක්තෝම්බර් මාසෙන් පස්සේ ඕවා ආපහු ගෙවන්න වෙනවා හොරු පැරැද්දුවම