(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
මෙම ගණිකා මධ්‍යස්ථානයෙන් කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් කාන්තාවකට ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පොලිසිය කියයි.
ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බවට සැකපිට අරගල ක්‍රියාකාරිකයා ඇතුළු පුද්ගලයන් හත් දෙනකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබූවේ අඟුරුවාතොට රෙමුණ වැව අසලදී ය.
කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අරගල ක්‍රියාකාරිකයකු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ජාවාරම මෙහෙයවන ලද අරගල ක්‍රියාකාරී සාමාජිකයා මීට මාස තුනකට පමණ ඉහත දී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියානේ සිල්ලර වෙළඳසැලක් හිමි ව්‍යාපාරිකයා වෙළඳසැල වසා නිවස කරා යාමට බස් නැවතුමේ සිටියදී ඔවුන් සන්තකයේ තිබූ මුදල් බෑගය කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙක් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය පටන්ගත්තේ සාමාන්‍ය ජනතාව පීඩනය නිසා විය හැකියි. නමුත් පසුව එය කොටින්ගේ , NGO කාරයින්ගේ, දේශපාලන පක්ෂ වල ගණිකා ව්‍යාපාරයක් වුනා. බටහිර බලවේග ඒ පිටුපස
අරගලේ හැම තරාතිරමකම මිනිස්සු හිටියා. මේව ඉස්මතුකරන්නේ යටි අරමුනු වෙනුවෙන් වෙන්න පුලුවන්.
ඇඟ විකුණන එක හොදයි, රට විකුණනවට වැඩිය
අරගලයට සාමාජික කාඩ්පතේ අංකය ලබා දියව්
පාර්ලිමේන්තුවේ ඉන්න හොරු මිනී මරුවෝ ගැන ලියන්න ගියොත් පත්තරේ පිටුත් මදිවෙයි. ලංකාදීපේ අරගලේට විරුද්ධද?
බඩ ගින්නට එරෙහිව, ජීවත් වීමට ඇති පීඩනය දරා ගත නොහැකිව ඊට එරෙහිව නැගී සිටි හැම කෙනෙක්ම අරගලකරුවකු තමයි. ඒකට දොස්තරද, ඉන්ජිනේරුවද, කම්කරුවද, ගණිකා මඩම් කාරයෙක්ද, පිට්පොකට් කාරයෙක්ද කියන කාරණේ අදාළ නෑ.
නිව්ස් ඒක කවුරු හරි කියපු හින්දා දාපු ඒකක් වගෙයි. අරගලයයි මේ සිද්දියයි ඒකක් කරන්න ලොකු මහන්සියක් ගන්නවා.
අරගල ක්‍රියාකාරිකයා, අරගල ක්‍රියාකාරිකයා, අරගල ක්‍රියාකාරිකයා , අරගල ක්‍රියාකාරිකයා, අරගල ක්‍රියාකාරිකයා ............එක්වනුවත්, දෙවනුවත් තුන්වෙනුවත් අරගල ක්‍රියාකාරිකයා. .
කොහොමටත් අරගලයේ සිටිය 99% ක්ම සමාජ රෝගියෝ තමයි .කල කී දෙයින් එය සක්සුදක් සේ පැහැදිලි උනා
මේ මාධ්‍ය මහත්හොරු දෙන්නගෙ අම්මලත් අරගලයේ කුඩාරමක සුද්දො වගයක් එක්ක හිටියා මතකයි මට..
අරගලකාරයෝ විතරද ගණිකා මඩම් දාගෙන ඉන්නේ? ඇයි බලපුලුවන්කාර දේශපාලන සම්බන්ධතා තියෙන එවුන්?