(චමිලා අල්විස්)

මත්පැන් පානය කර යතුරුපැදි වලින් ගමන් ගත් කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ හොරණ සහ ගෝනපල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29,28,27,හා 26 වැනි වියේ පසුවන කාන්තාවන් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම කාන්තාවන් සිව් දෙනා හොරණ, රෙමුණ බැල්ලපිටියේ ආඳාදොලේ දිය නෑමට ගොස් මත්පැන් පානය කර ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි අඟුරුවා⁣තොට පොලිසියේ නිලධාරීන් විසින් මත්පැන් පානය කර සිටි එක මග ගමන් ගත් මෙම කාන්තාවන් සිව් දෙනා එකම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් කාලයක් තිස්සේම මෙසේ  ආඳා දොලේ දිය නෑමට පැමිණ මත්පැන් පානය කර යතුරුපැදි වලින් ආපසු ගමන් කර ඇති බවත් මෙම කාන්තාවන් අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.