(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සල් ( තැබෑරුම්) රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
මොවුන් මෙම තැබෑරුම් පවත්වාගෙන යන්නේ වෙනත් වෙනත් නම් යොදා ගනිමින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙවැනි කටයුතු කරන මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් ගැන තොරතුරු සොයා බලා ගෙන යන බවත් ඒ පිළිබඳ තොරතුරු තහවුරුවූ පසු ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර සැක සහිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය දිනවල අත්අඩංගුට ගනු ලැබූ බවද සියඹලාපිටිය මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා, සිටි පක්ෂ, විපක්ෂ දේශපාලකයන් විසින් රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන මත්පැන් අලෙවිසල් පිළිබඳව සොයාබලා දේශපාලකයින් විසින් ලංකාවේ පවත්වාගෙන යන්නා වූ මත්පැන් අලෙවිසල් පිළිබඳ තොරතුරු දේශපාලකයින්ගේ නාම ලේඛනය සහිතව සහ ඔහුට කොපමණ මත්පැන් අලෙවිසල් අයත්ද යන්න රටට හෙළිකිරීමට පූජ්‍ය පක්ෂය ඉදිරිපත් විය යුතුවේ. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සොයාබලා මේ පිළිබඳව රටට හෙළි කරන්න... ඉදිරි පාර්ලිමේන්තුවකට මත්පැන් අලෙවිසල් සම්බන්ධ කිසිඳු දේශපාලකයකු පත්කර නොගැනීමට ද කටයුතු කළයුතුවේ.
ඔය කියන දැඩි නීතිමය පියවර කිසිදා සිදුනොවන්නක් බව අපි හොදින් දනිමු. මේ වන විටත් අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති මොවුන්ට නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් මිලට ගැනීම ඉතා සුලු කජ්ජකි…!
අනිවාර්යයෙන්ම කපුටු ජොනියා මේකේ මහ මොළකාරයා වෙන්න ඇති
හොර දුෂිතයින් රටේ පාලකයන් වූ කල මේවා පුදුම විය යුතු නැහැ ,ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න සමහර උනුත් යටින් හවුල් ඇති අනිවාර්යෙන්
ආණ්ඩුව නොසෑහෙන ලෙස බදු ගැහුවා .බද්ද සුරාබදු නිලධාරියෝ ,නිෂ්පාදකයෝ සහ තැබෑරුම් කාරයෝ එකතුවෙලා හොරකම් කළා,පාරිභෝගිකයාට සහ ආණ්ඩුවට හුලන්,ඔය බද්ද බෝතලයකට රුපියල් 200-300 අතර මිලක් අඩු කරන්න. එවිට පාරිභෝගිකයාට හෝ යහපතක් වේවි