(නිමන්ති රණසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කළ පෞද්ගලික බස්රථ රියැදුරන් දෙදෙනකුට රුපියල් 81,000ක දඩයක් සහ මාස හයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.
කොළඹ නාගරික රථවාහන පොලීසිය මෙම චූදිතයන් දෙදෙනාට එරෙහිව නඩු දෙකක් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර ඔවුන්ට නගා තිබූ චෝදනාව වූයේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කිරීමය.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ අංක එන් ඊ 7852 දරන පුද්ගලික බස් රථයේ රියැදුරු වූ හත්පිටිය, වතුරගම පදිංචි අතපත්ත-ු ලියනගේ සඳුන් සම්පත් සහ අංක එන් ඊ 1821 දරන පුද්ගලික බස් රථයේ රියැදුරු වූ හීනැටියන, මිනුවන්ගොඩ පදිංචි මල්ලවාරච්චිගේ නිශාන්ත ප්‍රදීප් මල්ලවාරච්චි නමැත්තන්ටය.
මෙම රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත් එම වාර්තාවට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී. ඒ අනුව එම චෝදනාවන්ට සැකකරුවන් දෙදෙනා වරද පිළිගත් අවස්ථාවේදී මෙම දඩුවම් නියම විණී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයිස් මතින් බස් පැදවූ රියැදුරන්ට 81,000 ක් දඩ
චන්දන Tuesday, 06 June 2023 08:19 PM
ඉතා හොඳ වැඩක්... දිගටම වැටලීම් කරන්න..
පැරකුම් Wednesday, 07 June 2023 03:45 PM
බොහෝම කැමැත්තෙන් දඩය ගෙවලා නැවතත් ඒ වැරැද්දම කරාවි. වරදට දඬුවම ප්‍රමාණවත් නොවේ. දිවි ඇති තෙක් වාහන පැදවීම තහනම් කරන්න...
Bamunuarachchi Friday, 09 June 2023 01:40 PM
සීත කාලයට අපිත් මෙහෙ වාහන ගෙනියන්නේ අයිස් මතින් තමයි. මෙහෙ පොලිසිය අපිව අත්අඩංගුවට ගන්නේ නැත...