IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අයවැයේ සල්ලි ව්‍යාපෘතිවලට දැමූ හැටි ගැන සතුටු නෑ

(අංජුල මහික වීරරත්න)

පසුගිය අයවැයෙන් රජය සෑම ක්ෂේත්‍රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචන රැස්වීමේදී අද (15) පැවසීය.

අයවැයකින් වෙන් කෙරෙන ප්‍රතිපාදන එම මූල්‍ය වර්ෂය තුළ නිසි පරිදි අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සැලසීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තරුණ කටයුතු, ක්‍රීඩා ඇතුළුව සියලුම ක්ෂේත්‍ර වල මෙතෙක් පැවති ගැටලුව වන්නේ එහි උන්නතිය වෙනුවෙන් නිසි පරිදි අයවැය ප්‍රතිපාදන වෙන් නොවීම බව කී ජනාධිපතිවරයා එහෙත් පසුගිය අයවැයෙන් රජය සෑම ක්ෂේත්‍රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව සඳහන් කළේය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී 2025 වර්ෂයට අදාළව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 8ක් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඊට අදාළ ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය වෙන් වෙන් වශයෙන් සමාලෝචනය කෙරුණු අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

රටේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම, ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කර ගනිමින් 2026 වසර සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළේය.

රටේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රීඩා සංගම් වල දායකත්වය හැකි උපරිමයෙන් ලබා ගන්නා ලෙසත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් උපදෙස් දුන්නේය.



අදහස් (1)

අයවැයේ සල්ලි ව්‍යාපෘතිවලට දැමූ හැටි ගැන සතුටු නෑ

සාලිය Friday, 15 August 2025 05:06 PM

රජයේ පවතින ප්‍රසම්පාදන ක්‍රමය යටතේ ප්‍රගතිය ළඟා කර ගැනීම සිහිනයක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site