(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය) සහ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට් ) පෙරේදා (13) සිට බලාත්මකවිය.
එම පනත් කෙටුම්පත්වලට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ (13) සටහන් කළ අතර ඒවා බලාත්මක වූයේ ඒ අනුවය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2023 අංක 32 දරණ එකතු කළ අගය මත බදු සංශෝධන පනත, 2023 අංක 33 දරණ මුදල් පනත සහ 2023 අංක 34 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වේ.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න, සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න සහ ව්‍යවස්ථා කටයුතු අධ්‍යක්ෂ ජනකාන්ත සිල්වා යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා නායක අපායට ගියාම මුලින්ම ඔබ තුමාගෙ අත තමයි කපන්නෙ යමපල්ල, මෙ කරපු මහ අපරාදෙට.
ඕනෑම පක්කලි වැඩකට මූ සහතික දෙනවා