
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය.
එසේම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ මුදල් පනත් කෙටුම්පත්වලට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, 2023 අංක 33 දරන මුදල් පනත සහ 2023 අංක 34 දරන විසර්ජන පනත ලෙස මෙම පනත් කෙටුම්පත් බලාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් වෙනත් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වුනාම අත්සන් කරන්න මාසයක් හමාරක් යනවා ඒත් මේක ඒ මොහොතේම කලා ඔය සම්මත කල අයවැය නිර්දේශ ඊළඟ අයවැයට පෙර ක්‍රියාත්මක කර අවසන් කලොත් නම් වැඩක් වේවි නැත්නම් පසුගිය අයවැයෙන් අනුමත කංසා වගාව තවමත් අනුමත කල බවක් අහන්න ලැබෙන්නේ නැහැ