(තරිඳු ජයවර්ධන)
හදිසි පරීක්ෂාවකට රූපවාහිනී සංස්ථාවට ගිය කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට එළියට ඒමට නොදී සිවිල් ආරක්ෂකයන් ජාතික රූපවාහනී සංස්ථාවේ ගේට්ටුව වසා දැමුවේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අද රාත්‍රී මෙම පරීක්ෂාවට පොලිස් නිලධාරීන්ද සමඟ රූපවාහිනී සංස්ථාවට ගිය බවත්, එහිදී අයුතු අවහිරයක් කළ බවත් කියමින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැමිණිලි කර ඇතැයි පොලිසිය කීවේය.
ඉහළින් ලැබුණු නියෝගයක් අනුව ගේට්ටුව වසන බව සිවිල් ආරක්ෂකයන් කීවේයැයි ද පොලිසිය පවසයි.
කෙසේ වෙතත් රූපවාහිනී සංස්ථා සේවකයන් ප්‍රකාශ කරනුයේ අනවසරයෙන් ජාතික රූපවාහිනියේ ප්‍රධාන පාලක මැදිරියට ඇතුළු වීමට ගිය පිරිසක් නතර කළ බවයි. පොලිස් නිල ඇඳුමින් සිටි පුද්ගලයෙක් ප්‍රධාන පාලක මැදිරිය ඇතුළ වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ බව ද සේවකයෝ කියති. පූර්ව දැනුම්දීමක් හා නිසි අවසරයක් නැතිව ප්‍රධාන පාලක මැදිරියට ඇතුළුවීම තහනම් බව ද සේවකයෝ පවසති.
මෙම සිදුවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද ඒ ගැන සොයා බැලීමට ජාතික රූපවාහිනියට ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිළධාරියෙකුට පහරදුන් පිරිසක් පැමිණි මොටර් රථයක් රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ නිළනිවසේ ගරාජයේ සඟවා තිබූ පුවතක් පසුගිය සතියේ වාර්ථාවිය.
පේනවනේද දැන් දැන් අයුතු කඩාපැනීම්... මේක අර පරණ කල්ලියේ වැඩක් වෙන්නත් පුළුවන්. යහපාලනයේ වෙනස මහජනතාවට තේරුම් යන්නේ බැරිවෙලාවත් ඒ කල්ලියට බලය ගියොත් තමයි. ඡන්ද කොමසාරිස් වහාම මේ ගැන සොයා බැලිය යුතුයි.
පූර්ව දැනුම් දීමකින් හදිස්සි පරික්ෂා වලට එන්නේ මොන රටේද? මේ ආවේ දේසපාලුවෝ නොවෙයි රාජ්‍ය නිලධාරීන්. උසස් රාජ්‍ය නිලධාරියෙකුට රජයේ ආයතනයක් පරික්ෂා කරගන්න බැරි තරමට රට ආරාජික වෙලා.
ඇයි හදිසියෙ පරික්ෂා කරන්නෙ? මේ වාහිනිය බලන කෙනෙක් නෑනෙ.