(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැයෙන් 2024 සඳහා එක් ධීවරයෙක් වෙනුවෙන්  වෙන් කර ඇත්තේ රුපියල් පහක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නමුත් හිටපු ජනාධිපතිවරුන් හතර දෙනා නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 11ක් වෙන් වෙන්කර තිබෙන්නේ යැයි විජිත හේරත් මහතා සඳහන් කළේය.

ධීවර අමාත්‍යංශයේ සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් විජිත හේරත් මහතා මේ බව කීය.

වැට් බදු පැනවීමෙන් පසු ඩීසල් රුපියල් 63කින් ඉහළ යාමට නියමිත බව කී හේරත් මහතා  මේ තත්වය යටතේ ධීවරයන්  මුහුදු යන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය.අතින් වියදම් කරගෙන ධීවර රැකියාවේ යෙදෙන්න කිසිම ධීවරයෙක් කැමති නැතැයි ද මන්ත්‍රීවරයා කීය.