
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත) වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 81 ක් පමණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන සහ සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක්වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුව මාරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මාසයක කාලයක් තහනම් කෙරුණු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ට අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදී තිබිණ. ඒ අනුව ඔවුහු අයවැයට ඡන්දය ප්‍රකාශ කළහ.
ඒ එච්ම් ෆවුසි, අලි සබ්‍රි රහිම්, අනුර පියදර්ශන යාපා වඩිවෙල් සුරේෂ්,, දුමින්ද දිසානායක , නිමල් ලන්සා සහ ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මහත්වරුද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ( කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 13 වැනි සඳුදා ඉදිරිපත් කළේය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 14 සිට 21 වැනිදා දක්වා ( ඉරිදා දින හැර) දින හතක් පැවැත්විණ.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 අඟහරුවාදා පැවැත්විණ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 බදාදා සිට ඊයේ ( 13) දක්වා (ඉරිදා දින හැර හැර දින දහනවයක්) පැවැත්විණ.
මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවය.
අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව ලබන මස 9 දක්වා කල්තැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ කාලකන්නින්ටනම් හොඳක් සිද්ද වෙන්නේ නෑ
අම්මෝ මම බයෙන් හිටියේ පරදී කියලා.එහෙනම් දැන් අපේ රට ගොඩ ගන්න පුළුවන් මේ යෝජනා වලින්
ශක්තිමත් ආණ්ඩුවක් තිබීම ආයෝජන හා ව්‍යාපාර වලට හොඳයි
චන්දයක් එනකම් 134 දෙනාගේ රූකඩ නැටුම්
තොපිට හෙන ගහනවා අපිට මේ තරම් දුකක් දුන්න බජට් එකට අත් ඉස්සුවට .හැත්ත
134 දැන් 122 ට බැහැලද ?
හු හූ මස්කඩේ වහලා ගම්බිරිස් මල්ල අරන් තොලොංචි වෙයල්ලා.