IMG-LOGO

අයි.එම්.එෆ් වාර්තාව ගැන විවාදය 8 වෙනිදා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ගැන   ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් ලබන 8 වෙනිදා සිකුරාදා පැය 10 ක විවාදයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  අද (01) තීරණය කළේය.

මේ අනුව එම විවාදය එදින උදේ 10.00  සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙනු ඇත.

කාලීන ප්‍රශ්නයක් හෙයින්  මේ සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ඉල්ලීමක්  කර ඇත.

එහෙත්  ඊට රජයේ පාර්ශ්වයෙන් එකඟත්වයක්  ලැබී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුව ලබන 5 වැනිදා සිට 8 වෙනිදා දක්වා   රැස්වීමටද එහිදී තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(1) පස්වරු 2.00ට රැස්විය.



අදහස් (0)

අයි.එම්.එෆ් වාර්තාව ගැන විවාදය 8 වෙනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site