(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින මුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (10) නිවේදනය කර තිබේ.
නව රජයක් පත් වූ විගස ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කිරීමට සුදානම් වීම සඳහා තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර සමාජයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවය සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව අවධානයෙන් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා පවසයි.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා මැයි 9-23 දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟාකෑම තහනම් කරයිද?
අපිට අයි.එම්.එෆ්. ඕනෑ නෑ. ජවිපෙ රට බාර ගත්තු ගමන් මේ ප්‍රශ්න ඉවරයි. ඔය බටහිර අධිරාජ්‍යවාදී සල්ලි අපට ඕනෑ නෑ. අපි සමාජවාදෙන් ගොඩයනවා. සියලු පෞද්ගලික ව්‍යාපාර රජයට ගත යුතුයි..
ඇමෙරිකාවේ නව යටත් විජිතවාදී වෙළෙඳ ප්‍රතිපත්තියෙන් බැහැර වී ලංකාවට තෙල් සහ ගෑස් කෙලින්ම රුසියාවෙන් ආනයනය කිරීමට ඉඩ ලබාදිය යුතුයි. ඉහළ යන ඉන්ධන මිලට තරමක් හෝ සහනයක් ලැබෙන්නේ ඉන්ධන කෙලින්ම රුසියාවෙන් ආනයනය කළොත් පමණි.
අපි මේ ලෝකෙ වටෙන්ම, විශේෂයෙන් චීනය, ඉන්දියාව වගේ වගේ රටවල්වලින් කෙටිකාලීන ණය ආධාර ගැනීම නැවැත්තුවේ නැතිනම් අපේ විනාශය නවත්වාගන්න බෑ.