
(අංජුල මහික වීරරත්න)
මූල්‍ය අරමුදලේ එකඟතා කිසිවක් වෙනස් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී අද(15)පැවසීය.
පාර්ලිමේන්තු බලය සමඟ තමා රට ස්ථාවර කළ බව කී ජනාධිපතිවරයා දැන් තමා ජනවරමක් ඉල්ලන්නේ විප්ලවයක් සිදු කිරීමට බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදල ද අවධාරණය කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
මහනුවර නගරයේ පොදු වෙළඳපොළ භූමියේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
අද ජනාධිපති ධුරය සඳහා වරමක් ඉල්ලන්නේ නීතිය සාමය ඇති කර ජනතාව ජීවත් කරවීම සඳහා ඉදිරිපත් නොවී පලා ගිය අයයි. ජනතාව ජීවත් කරවන්න කැමති නම් එදා රට බාර නොගත්තේ ඇයි?
රටේ දේශපාලකයන් නිර්ධන පංතිය අතහැර දමා ඇතැයි අනුර කුමාර කියනවා.නිර්ධන පන්තිය ගැන මෙතරම් කැක්කුමක් තිබුනා නම් එදා රට බාරගත්තේ නැත්තේ ඇයි?
ජනපති තරඟයෙන් මා ඉල්ලා අස්වීමට හදනවා යැයි සජබෙ කියනවා. මා ඉල්ලා අස් නොවන කෙනෙක් බව ඒ අය දැනගත යුතුයි. ඒ අය වගේ මා රේස් සපත්තු දාගෙන දුවන කෙනෙක් නොවන බවත් ඔවුන් දැනගත යුතුයි.
මා සමග එක්වන්නැයි එජාපයේ සියලු පාක්ෂිකයන්ට මා කියනවා.සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ආරාධනා කරනවා.එවිට දුවන්නේ නැතිව ඉන්න උගන්වන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා.කවුරු බලයට ආවත් එම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල වෙනස් නොකරන බවත් ඔවුන් සඳහන් කරනවා.
අනුර කුමාර මට විවාදයකට කතා කරනවා.මෙම විවාදයට සූදානම් බව මම කියා තිබෙනවා. නමුත් තවම දිනයක් ලබාදී නැතැයි ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පාලනය වෙන්නේ අයි එම් එෆ් එකට ඕනෑ විදියට නම් ජනාධීපති කෙනෙක් මොකටද?...
යන්න සීයේ යන්න. IMF කියන්නේ ඔහෙගේ බූදලයක් නෙවෙයි. නව ජනාධිපති සමඟ අලුත් කොන්දේසි වලට එකඟ වීමට IMF දැනටමත් ප්‍රකාශ කර අවසන්...
ඒක කරන කෙනා ඔහේ නෙවෙයි...!
නාකියෝ, රටේ මිනිස්සු බය කරන එක දැන් නවත්වපන්. IMF එක ප්‍රකාශ කරලා අවසන් පත්වන ඕනෑම රජයක් සමග සහයෝගයෙන් වැඩකරන බවට... ඔයා හිතන්නේ අපිට අකුරු කියවන්න බැහැ කියලද? අපි දන්නවා ඔයා කපටියෙක් බව. 21 වෙනිදාට රටේ ජනතාව හොම්බෙන් යන්නම වැඩ සිද්ද කරයි...
අපේ තීරණයත් වෙනස් වෙන්නේ නැ...ගෙදර අරිනවා අරිනවාමයි...
මාලිමාව කියන්නේ අයි.එම්.එෆ්. එක එලවනවා කියලා.
නරියා මිදි තිත්තයි කිව්වා වගේ තමයි... ඡන්දයකින් දිනලා එනකල් සාකච්ඡා බැ කියලා අයිඑම්එෆ් එකෙන් කියලා..එක කෙලින්ම නොකියා බයිලා කියනවා
මෙවැනි කතා අහන්න තවදුරටත් ජනතාව සුදානම් නෑ