IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි

( ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර) 

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ  අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගයට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි. 

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය නායයාමට ලක්ව ඇති අතර පස්කදු කඩා වැටීමෙන් නිවසකට ද අලාභහානි වී ඇතැයි හෙතෙම කීය.

මෙහි මාර්ගයේ මීටර් දෙසීයක පමණ කොටසක් කැඩී ගොස් ඇති අතර එහි විශාල  ප්‍රදේශයක පොළොව ඉරිතලා පුපුරා ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුවත් කළ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(ඡායාරූප : සමන් පාලිත නානායක්කාර)

 



අදහස් (0)

අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site